ආචාර්ය සොනාම් වංග්චොක් මහතා අපව
පිළිගත්තේ කොටුව වීදියේදී ය. අපගේ නවාතැන, ජම්ස්පාල් සංචාරක නිවාසය පිහිටියේ එහිය.
මැදිවිය ඉක්ම වූ ලඩාක් යුවලක් එය පවත්වාගෙන යයි. සංචාරක නිවස මායිමේ වටේට ම
පොප්ලර් ගස්ය. හිස් බිම් වලත් පොප්ලර් ය. ප්‍රධාන මාර්ග වල මෙන්ම අතුරු මාර්ග වලද
දෙපස එක්කෝ පොප්ලර් ය. නැතිනම් විලෝ ගස්ය. ගෙමිදුල් වල ඇපල් හෝ ඇප්‍රිකෝට් ය.
නැතිනම් එළවළු වගා කර ඇත.