ප්‍රකාශ් විසිඅට වියැති ප්‍රසන්න පෙනුමැති
තරුණයෙකි. අපට හමුවූයේ කීලෝංග් ප්‍රධාන වීදිය ඔස්සේ පුරවර ගවේශණය උදෙසා සැරිසරන
සැදෑවක දීය. කෞතුකාගාරය නගරයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනයකි. කෞතුකාගාරයට මදක් පහළින්,
කීලෝංග් සමූපාකාර අලෙවිසැල ඉදිරිපිට වීදියේ
කඩපෙලේ කෘෂි රසායන අලෙවි සැලකි. ප්‍රකාශ් එහි හිමිකරුය.
අප අතර දැනහැඳුනුම්කම ඇතිවූයේ අප ඔහුගෙන් යම්
ඉසව්වක් පිළිබඳ තොරතුරු විමසීමෙනි.
ලොහෝල් වැසියන් ඉතාම කාරුණික නිර්ව්‍යාජ ජන
කොටසකි. බෞද්ධ ආභාෂය ඊට බලපා ඇතුවාට නිසැකය. ඔවුන් මදක් කුලෑටිය. අමුත්තන් හා
දොඩමළු වීමට පසුබාති. සන්නිවේදන මාධ්‍යත් ඊට එක් හේතුවකි.