ප්‍රකාශ් විසිඅට වියැති ප්‍රසන්න පෙනුමැති
තරුණයෙකි. අපට හමුවූයේ කීලෝංග් ප්‍රධාන වීදිය ඔස්සේ පුරවර ගවේශණය උදෙසා සැරිසරන
සැදෑවක දීය. කෞතුකාගාරය නගරයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනයකි. කෞතුකාගාරයට මදක් පහළින්,
කීලෝංග් සමූපාකාර අලෙවිසැල ඉදිරිපිට වීදියේ
කඩපෙලේ කෘෂි රසායන අලෙවි සැලකි. ප්‍රකාශ් එහි හිමිකරුය.
අප අතර දැනහැඳුනුම්කම ඇතිවූයේ අප ඔහුගෙන් යම්
ඉසව්වක් පිළිබඳ තොරතුරු විමසීමෙනි.
ලොහෝල් වැසියන් ඉතාම කාරුණික නිර්ව්‍යාජ ජන
කොටසකි. බෞද්ධ ආභාෂය ඊට බලපා ඇතුවාට නිසැකය. ඔවුන් මදක් කුලෑටිය. අමුත්තන් හා
දොඩමළු වීමට පසුබාති. සන්නිවේදන මාධ්‍යත් ඊට එක් හේතුවකි.
ප්‍රකාශ් හොඳින් ඉංග්‍රීසි බස හසුරුවයි. ඔහු අපට ප්‍රදේශය පිළිබඳ
බොහෝ දේ කදිමට විස්තර කර දුනි. ඈත කඳුමුදුනේ ඇති තෙමහල් ඔහුගේ නිවස අපට පෙන්වීය.
“එහි යන්නෙ?” මගේ විශ්මය ප්‍රකාශ වුණේ එලෙසය.
“වටෙන් පාරක් තියෙනවා.” ඔහු නිවසට යන්නෙන් වෙළඳසැලට පැමිණෙනුයේ ත් සිය
මෝටර් සයිකලයෙනි.
ඔහු පැසල් අධ්‍යාපනය ලැබූයේ නගරයේම රජයේ
පාසලෙනි. ශීත සෘතුවේ හිම අතරින් සිය සහෝදර සහෝදරියන් හා මිතුරන් සමඟ යන එන අයුරු
ඔහු අපට විස්තර කරයි. මට ලෝරා ඉංගල්ස් ගේ සීතලෙන් සීතවූ සීත සමය මතකයට නැඟිනි.
“අපේ දෙවන නිවස මනාලී” ප්‍රකාශ් කියයි.
බොහෝ කීලෝංග් වැසියනට මනාලී හී ද නිවසක් ඇත.
ශීත සෘතුවේදී ඔවුහූ එහි පදිංචියට යති. ප්‍රකාශ්ලා ද සීත සමයේ මනාලී නිවසට පදිංචියට
යති. හරක බාන ඇති අයත් නැතිබැරි අයත් අඩි ගණනක් වැටෙන හිම බාධකත්, කටුක ශීතලත් හා පොරබදමින් කීලෝංග් හීම රැඳේ.
“පාසල් අධ්‍යාපනය නිමවුනාට පස්සෙ ඔබ ව්‍යාපාර
කරන්න පටන් ගත්තද?”
“අපෝ නෑ, මම වසර හයක් ටිබෙට් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගත්ත” එවදන් ඇසූ මගේ හිසේ මලක් පිපුණ සේය.
ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය ගැනත්, ඔවුන් ලෙඩ රෝග වලට ප්‍රතිකාර සොයන අයුරුත්
ජනතාවට ඇති සෞඛ්‍ය පහසුකම් ගැනත් තොරතුරු සොයමින් සිටි මට නියම පුද්ගලයා මුණගැසී
ඇති බව වැටහුණි.
ටිබෙට්
වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රධාන වශයෙන් ශාඛ පැලෑටි සහ ඛනිජධාතු ආදියෙන් නිස්සාරණය
කරගන්නා ඖෂධ චිකිත්සාව පදනම්ව ඇති ප්‍රතිකාර ක්‍රමයකි. ආහාර රටාව, ජීවන රටාව හා චර්යාව බොහෝ රෝගයනට මූල ධාතුව වන
බව උගන්වයි. ඉන්දියාවෙන් ටිබෙටයට පැමිණි බුද්ධ ධර්මයේ අභිධර්මය හා වජ්‍ර්යාන
ආභාෂයත්, ආයුර්වේදයේ ආභාෂයත් මත එය පෝෂණය වී ඇත.
ටිබෙටය, ලඩාක් ඇතුළු ඇතැම් ඉන්දීය ප්‍රදේශ,
නේපාලය, චීනය හා මොංගෝලියාව යන රටවල බහුල ලෙස ටිබෙට් වෛද්‍ය ශාස්ත්‍රය භාවිතා
කෙරේ. ටිබෙටයේ රිංග්ෂේන් ෂන්ග්පෝ ටිබෙට් වෛද්‍ය විද්‍යාවේ පුරෝගාමියා ලෙස බුහුමනට
පාත්‍ර වේ.
මේ සාම්ප්‍රදායික ටිබෙට් වෛද්‍ය ශාස්ත්‍රය
හඳුන්වනුයේ ඇම්චි කියාය. වෙද දුරන් හඳුන්වනුයේ ද ඇම්ච් ලෙසය. එනිසා ප්‍රකාශ්,
‘ඇම්චි ප්‍රකාශ්’ ය.
කීලෝංග් හී රජයේ ප්‍රාදේශීය රෝහල ලොහෝල් ප්‍රදේශයට
බටහිර වෛද්‍ය පහසුකම් සපයන මධ්‍යස්ථානයයි. මාතෘ හා ළමා සෞඛ්‍ය පෙරට වඩා හොඳ
තත්ත්වයේ පවතින බව ඇම්චි ප්‍රකාශ් ගේ අදහසයි.
“මොනවද ප්‍රදේශයේ ජනතාව අතර තියෙන ප්‍රධාන
සෞඛ්‍ය ගැටළු?” මගෙන් පැනියකි.
“බෝ නොවන රෝග” ඔහු කිසිදු පැකිලීමකින් තොරව පිළිතුරු දෙයි. සීඝ්‍රෙයන් පැතිරෙන
පිළිකා, විශේෂයෙන් ම බඩවැල් හා අක්මාව ආශ්‍රිත
පිළිකාවල පැහැදිලි වැඩිවීමක් ඇති බව ඔහු පවසයි.
“එළවළු ඇතුළු වගාවන්ට කෘෂිරසායන භාවිතය
හේතුවක් විය හැකියි. තවද ශීත සෘතුවේදී පිසීමෙන් තොරව ආහාරයට ගන්නා වියළි යැක්
ගවමස් ප්‍රධාන හේතු ලෙස සැක කරනවා” ඔහු
විග්‍රහ කරයි.
පාචනය, නිව්මෝනියාව, ක්ෂය රෝගය සහ කහ උණ බහුලව දැකිය
හැකි ප්‍රධාන බෝවන රෝගයන් ය. ශීත සෘතුවේ
දී ඇදුම රෝගය ද උත්සන්න වේ.
“ඔබ වෙදකම් කරන්නෙ නැද්ද?”
“අළුත් වෛද්‍යවරයකුට එකවරම රෝගීන්
ආකර්ශණය කරගන්න අමාරුයි. අනෙක වෙදකමෙන් ලැබෙන ආදායමෙන් පමණක් ම ජීවත්වෙන්න අමාරු
නිසා මෙම වෙළඳාම කරනව.”
ඔහු දැනටමත් නිවෙස්වෙත කැඳවන අවස්ථාවල ප්‍රතිකාර
සිදු කරයි. ඉක්මනින්ම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇරඹීමට බලාපොරොත්තුව සිටින බව ඔහු
පැවසීය.
“අඳුර වැටිල නොතිබ්බනන් අපේ ගෙදරටත්
ගොඩවෙලා එන්න තිබුණා.” ඔහුගේ ලෙන්ගතු ආරාධනයකි.
“මීලඟ වතාවේ ආවම නොවරදීම ප්‍රකාශ්ලගෙ
ගෙදර එනවා” අපි ඔහුට සමුදුන්නෙමු.
Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association for Ladakh Studies
ඔබේ බ්ලොග් අඩවිය අපූරුයි... පැරණි ලිපි ටිකත් හෙමින් කියවා ගෙන එන ගමන්...
ReplyDeleteජයවේවා.. දිගටම ලියන්න. අපි එනවා රස විඳින්න. මගේ බ්ලොග් රෝලටත් එකතු කර ගත්තා
Some people grind their teeth in sleep. what is a root canal
ReplyDelete