බෙඩ්ලිවෝ සමුළුව අවසන පිරිස විසිර යන්නටවිය.
ටිබෙට් මිතුරා ලොබ්සාංග් අදදින
පොස්නාන් හී ගතකර පසුදින වොර්සොව් බලායාමට නියමිත විය. බර්ලිනයට පය ගහන්න තියෙන
ආශාවත් දුර ගමනක් ජර්මන් දුම්රියකින් යන්න තිබුන බලාපොරොත්තුවත් යන දෙකම සඵල
කරගන්න මා ආපසු ෆ්‍රැරැන්ෆර්ට් යන ගමන බර්ලිනය හරහා සැලසුම් කරගෙනයි තිබුනෙ.
පොස්නාන් සිට බර්ලින් බලා යාමට නියමිත පොල්ස්කි බස් සමාගමේ සුඛෝපභෝගී බසය ඩොර්සෙක්
බස්නැවතුමට රත්‍රී හතයි පහට සේන්දුවුනා.
වොංග්චුක් ලාමාත් ලඩාකීය මිතුරකු වුන
ලොබ්සාංග් ඇතුළු තවත් ලඩාකීය තරුණියන් තිදෙනකුත් මෙම බසයෙන්ම බර්ලින් යන්න නියමිත
විය. බර්ලිනයෙන් ප්‍රංශයටත් එතනින් ස්විට්සර්ලන්තයටත් යන්න ඔවුන් සැලසුම් කර
තිබුණි.