ගොශාල් කඳුවැටියේ එක් බෑවුමක මධ්‍යයේ පිහිටි කීලෝංග් තුරු
ලිය කෙත්බිම් මධ්‍යයේ පිහිටි සුන්දර කුඩා නගරයකි. නගරය කෙලවර නිම්නයේ භාගා ගඟ ගලා
බසී. වසන්තයේ සැඳෑ අඳුර කීලෝංග් වෙත ගලනුයේ ප්රමදවය. නමුත් සීත සුළඟින් අඩුවක්
නැත්තේය. අපගේ නවාතැන්පල ‘හිමදසුන’ හෝටලය නමට ගැලපෙන ලෙස හාත්පස මනස්කාන්ත දසුන්
අප නෙත් මානයට කැඳවයි. රාත්‍රී අහර සඳහා භෝජනාගාරයේ සැකසෙන රසමසවුළු කුස පුරා
සප්පායම් වන අතර සෝණු, අපගේ මාතලී පැමිණේ.
“හෙට උදේ පහට අපි පිටත්වෙන්න ඕන. ඒ නිසා කලින්ම නින්දට
යන්න.” මගේ කන් දෙපසින් රත්වීගෙන යන්නාසේ දැනිනි. මේ සීතලේ උදේ පහට නැඟිටන එක
මරන්නා සේ නොවේ ද?