Wednesday, February 15, 2017

නුබ්රා ගීතය


නුබ්රා නිම්නයේ ප්‍රථම සේද මාවත සැමරැම් උත්සවය පැවැත් වූයේ 2013 වසරේදීය. එතැන් පටන් සෑම වසරකම ජූනි මස 23 හා 24 දෙදින පුරා සුමූර් ග්‍රාමයේ වැලි කදු ආශ්‍රිතව ඔටු උද්‍යානයේදී සේද මාවත සැමරේ. මා මිත්‍ර ආචාර්ය සොනාම් වොංග්චොක් මෙම උත්සවය ඇරඹීමේ පුරොගාමියෙකි.වසර දෙදහසකට එපිට ඉතිහාසයක් ඇති සේද මාවත ඔස්සේ ගොඩනැගුණු අද්විතීය සංස්කෘතික උරුමය සුරැකීමත්, එය ඉදිරි පරම්පරාවලට දායාද කිරීමත් මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන අරමුණු බව  ඔහු පවසයි. නුබ්රා නිම්නයේ සාම්ප්‍රදායික නැටුම් ගැයුම් වැයුම් ජන ගායනා හා දුනු විදීම නොහොත් ආචරි ක්‍රිඩාව ආදී අංග රාශියකින් උත්සවය විචිත්‍රවත්වේ. ප්‍රදේශයට සංස්කෘතික සංචාරක ආකර්ශනය වැඩි කිරීමටද එමගින් ජනතාවගේ සමාජ ආර්ථික දියුණුවටද එය පිටිවහලක් වන බව ආචාර්ය සොනාම්ගේ අදහසයි. 
කල්සාර් Khalsar  වලදී වරිල්ලා දුර්ගය හරහා එන මඟත් කාර්ඩොංග්  දුර්ගය හරහා එන මඟත් හමුවේ. 2014 වසරේ වසන්තයේ අප වරිල්ලා දුර්ගය හරහා නුබ්රා නිම්නයට පැමිණි ගමන සිහිවේ. මෙම මාර්ගය ශයොක් නදියේ දකුණු ඉවුර ඔස්සේ ඩිස්කිට් හා හුන්දාර් අතරින් ටුර් ටුක් ගම්මානය තෙක් දිවේ. අප පසු ගිය ගමනේදී තේ පානය කල දාබා සහිත කුඩා කඩමංඩිය නටබුන් සේය. මීට මාස කිහිපයකට පෙර ගැලූ ගං වතුරින් කඩ මංඩියම විනාශයට පත්වී ඇත.
සුමූර් ග්‍රාමය පිහිටියේ නුබ්රා නදියේ වම් ඉවුරේය. නුබ්රා‍ - ෂයොක් සංගමයට පෙර හමුවන කොයාක් Koyak පාලමෙන් එගොඩ වී අප පලමුව පිවිසුනේ සුන්දර ටිරිට් Tirit ග්‍රාමයටයි. පුළුල් තැනිතලාව ඔස්සේ ඉදිරියට ඇදෙන විට සුමූර් ග්‍රාම කේන්ද්‍රයට කිලෝ මීටර පහකට පමන පෙර වැලි කදු ආශ්‍රිතව ඔටු උද්‍යානය හමුවේ. වසන්තයේ දී මෙම ඔටු උද්‍යානයේ මොල්ලි දෙකේ බැක්ට්‍රියන් ඔටුවන් පිටේ සවාරි යා හැක.
සස්ශ්‍රීක කෙත් වතු සපිරි සුමූර් ග්‍රාමයට ජල ධාරා තුනකින් ජලය සැපයේ. සුම් - යූර් Sum – Yur  යන ත්‍රිත්ව ජල ධාරාව යන වදන පසුව සුමූර් Sumur වූ බව ඇතැමන්ගේ මතයයි. අද වන විට පිහිටා ඇති නිම්නයේ පහළට සුමූර් ග්‍රාමය සංක්‍රමනය වීමට පෙර නිම්නයේ ඉහළ පෙදෙසේ ස්ථාන දෙකක පැවෙත ඇත. ඒ වායේ නටබුන් අද පවා දැකිය හැක. ඒ අනුව අද පවතිනුයේ තෙවන වරට පදිංචි වූ සුමූර් ග්‍රාමයයි. සුම් - යුල් Sum – Yul යනු තෙවන පදිංචිය යන අරුතදේ. සුම් යුල් පසුව සුමූර් වූ බව තවත් මතයකි.
පැනාමික් දිවෙන මාර්ගයේ සුමූර් ග්‍රාම කේන්ද්‍රය නැතිනම් කඩ මංඩිය හමුවේ. පාරේ වම් පස ලඩාක් කදු පංතිය තෙක් පැතිරි පුළුල් නිම්නයේ කෙලවර ෂයොක් - නුබ්රා සංගමයයි. ඩිස්කිට් ආරාමය සහ මෛත්‍රීයාන බුද්ධ ප්‍රතිමාව ඊට එපිටින් කදු පංතිය මධ්‍යයේ කුඩාවට දිස්වේ. දකුණු පස කරකොරාම් කදු පංතිය තෙක් දිවෙන කදු බෑවුමයි. කන්ද පාමුල සම්ස්තැන්ලිංග් ආරමය රන්වන් පැහැයෙන් සැදෑ හිරු කිරණින් බැබලේ. ඒ අතරතුර ඇති ෂිබක්තෝර්න්, ටැමරින් හා විලෝ ගස් අතර ගම්මානය සැගව ඇත.
සුමූර් ග්‍රාමයේ පවුල් එක සිය හැට හතකට අයත් දහසක පමණ ජනතාවක් වාසය කරති. සියළු දෙනා බෞද්ධයෝය. කැරකොරාම් කදු පන්තියේ ග්ලැසියර දිය වීමෙන් නුබ්රා නදිය වෙත ගලන ජල ධාරාවන්ගෙන් පෝෂණය ලබන සුමූර් ග්‍රාමය පින්බර කෙත් බිමකි.
කඩ මංඩියේ වෙළඳසැල් තුන හතරක් ආපන ශාලා දෙක තුනක් හ විශාල ප්‍රාන්ථනා චක්‍රයක් ඇත. ඒ වටා සංචාරක නිකේතන බොහොමයක් ඇත. ශීත සෘතුවේ වසා දමා ඇති ඒවා යලි පන ගැන්වෙන්නේ වසන්ත උදාවත් සමඟය. ස්කයිල් Skyile නිවහන පිහිටියේ කඩ මංඩිය පෙනෙන දුරිනි. නුබ්රා හා ෂයොක් නදී තෙර පිස හමා එන ශීත පවන් රැළි ගත දැවටෙද්දී ඩිස්කිට් ඩොල්මා මහත්මිය අප නිවසට කැදවා ගියාය. ඇගේ දියණියගේ සහ සිය ස්වාමි පුරෂයාගේ උණුසුම් පළිගැනීමෙන් අපගේ ගත සීතල සිත උණුසුමෙන් මැකී යන්නේ සේ දැණිනි.

විචිත්‍ර කාශ්මීර බමුතුරුනින් සැරසුන විසිත්ත කාමරය වටා ඇති විසිතුරු කැටයමින් සැරසි චොට්ස‍ෙ මේස වටා අප අසුන් ගතිමු. දියණිය සෙරිංග් ඩොල්මා කඩිසරව තාබ් උදුන දල්වන්නට විය. දැන් කාමරය උණුසුම්ය. ඩිස්කිට් ඩොල්මා මහත්මිය කඩිමුඩියේ කිරි තේ පිලියෙල කලාය. උණු තේ ගත සිත ප්‍රබෝධමත් කරයි. දීර්‍ඝ රිය ධාවනයකට පසු ආචාර්ය සොනාම් උදුණ අසලටවී ඉසිඹුලයි. ඩිස්කිට් මහත්මියගේ ස්වාමියා, තුඡි තොල්ඩාන් විශාල උණුසුම් බෝතලයකට බටර් තේ එකක් රැගෙන ආවේය. කිරි තේ බී කට ගත්තා විතරය. දැන් බටර් තේය. ඒ සදහාම විශේෂිත වර්ණ රටා පින්තාරුකල අඩු රහිත කුඩා පෝසිලේන් කෝප්ප පුරවා ගුර්ගුර් තේ පිළිගැන්විණි. කෝප්පයක් බී අවසන් වනවිට නැවත පුරවයි. මේ අතරතුර මුළුතැන් ගෙයි දහවල් අහර පිසෙනුයේ ප්‍රණීත සුවදක් දසත පතුරවමින්ය. ලඩාකයේ කොහේ ගියත් මේ ආගන්තුක සත්කාරයේ අඩුවක් හෝ වෙනසක් නැත.



සෙරීංග් ඩොල්මා ස්කයිල් මෙනවිය 23 හැවිරිදි රූමතියකි. දිල්ලි විශ්ව විද්‍යාලයේ සත්ත්වවේදය පිළිබද විද්‍යා උපාධිය හදාරයි. ශීත සෘතුවේ නාවාඩුවට ඇය ගෙදර පැමින ඇත. ඔවුන්ගේ ඵකම පුතු ඡම්මු විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාවක් හදාරයි. දැනටත් ඔහු නුබ්රාවල ව්‍යාපාර කටයුතුවල නියලේ. ඔහුගේ ටෙම්පෝ ට්‍රැවලර් රථයට වසන්ත සංචාරක සමයේදී හොද ඉල්ලුමක් ඇත. තොල්ඩාන් සතුව කඩමංඩියේ වෙළදසලක් ඇත. ඵහි සෙරප්පු සපත්තුවල සිට මස් බිත්තර දක්වා සියළු දේ අලෙවියට ඇත. ස්කයිල් නිවසේ යාබද කාමර සංචාරකයින් උදෙසාය. ගෙමිදුලේ අස්චැන්න නෙලාගත් ගොකලි, බීට් හා අර්තාපල් පාත්තිය.නැවත වසන්තයේදී මෙිදුල හරිත වර්ණයෙන් බැබලෙන බව සොනාම් පවසයි. කෙත්වතු හා හරකබාන ඇත්තේ තොල්ඩාන්ගේ මහගෙදරය. ඵය පිහිටියේ ගමේ කෙළවර කදුකරයට වන්නටය. මහගෙදර වටා ඇත්තේ ඇපල් වත්තකි. ඇපල් අස්වැන්නෙන් කොටසක් ශීත සෘතුවේ පරිභොඡනයට රැස්කර ඇත. නුබ්රා ඇපල් හිමාචල් ඇපල් වලට වඩා රසය.
තොල්ඩාන් ලේ පාන්දරම අවදිවේ. ශීත සෘතුව කියා වෙනසක් නැත. එතැන්පටන් රෑවනතුරුම වැඩපලේ නිරතවේ. විටෙක වෙළදසැලට යයි. නැතිනම් සේවකයින් සමග කරටකර ඊලග කන්නය වගා කරන්න ගෙවත්ත සැකසීමේ නිරතවේ. ඔය අතර තාබ් උදුනට අවශ්‍ය දර පලයි. ඡලය රැගෙන ඵ්මට යයි. ලඩාකයේ ශීත සමයේ ඡලය රැස්කිරීම අසීරු කටයුත්තකි. සියළු ඡලමං අයිස් බවට පත්වේ. පාරදෙපස ඇති කාණුවල පවා ඡලය මිදී ඇත. ගලන ඡලය පමණක් නොමිදේ. දවස පුරාම විවෘත්තව තබා ඇති ඡලකරාම වෙත ගොස් ඡලය රැගෙන ආයුතුය. ටිකවේලාවක් ගියවිට ඵසේ රැස්කල ඡලයද මිදෙනනිසා අයිස් කඩා රත්කර ඡලය ලබාගනී. ඩිස්කිට් ඩොල්මා ද කඩිසරකමින් දෙවෙනි නැත. ඔවුන් මේ සියල්ල සතුටින් විදදරාගනී. මේ නිවහන සතුට උතුරන කැදැල්ලකි.

සවස අප උණුවතුර ස්නානයට පැනාමික් උණුදිය උල්පත් වෙත ගියෙමු. ඉහිළුම් නොදෙන සීතලත් සමග නැවත නිවසට පැමිනෙනවිට රාත්‍රි අහර සැකසේ. කුකුළු මස් බැදෙනුයේ කටකැස්මකටය. රාත්‍රි ආහාරයට පෙර පුරුෂ පක්ෂය ඇග උණුසුම් කරගැනීම සදහා බ්‍රැන්ඩි බෝතලයක් හිස්කලෝය. අහරකිස නිමවා සියල්ලෝම මුළුතැන්ගෙයි තාබ් උදුණවටා රැස්වුනේ සතුටු සාමීචියටය. ඵ් අතර ගුර්ගුර් තේ බදුන් කීපයක්ම හිස්වේ.
“තොල්ඩන් ලේ දක්ෂ බටණළා වාදකයෙක්” සොනාම් ලේ පවසයි.
 යුවළම දක්ෂ ගායකයින් සහ රංගන ශිල්පීන්ය. සියල්ලන්ගේම ඉල්ලීම මත තොල්ඩන් ලේ සිය වටිනා ඡපන් බටණළාව අතට ගත්තේය. මිහිරි වස්දඩු රාවය දසත පැතිරෙද්දී පිරිස ලඩාක් ජනගීයක් ගයයි.

            ලඩාක් ජනගීය ටිබෙට් සංස්කෘතිය මුල්කොටගෙන විකාශනය වූවකි. හුදෙකලා රාඡ්‍යක් වුනත් සේද මාවත ඔස්සේ සංස්කෘතීන් ගනනාවක් සමග සිදුවූ ගනුදෙනු නිසා ඊටම ආවේනිකවූ සංස්කෘතියක් ගොඩනැගීපඇත. ලඩාක් ජනගී සරලය. ගැයුමට පහසුය. මේ නිසා ශතවර්ෂ ගනනාවක සිට පරම්පරාවෙන් පරම්පරාවට උරුමව නොනැසී පවතී. ජනගීය ජනඡීවිතය පුරාවට බද්ධවී ඇත. කෙතේදී, වැඩබිමේදී, විවාහ මංගල්ලයේ දී මෙන්ම ඡංග් දේශීය මත්පැන් පානයේදී පවා ඵකිනෙකට වෙනස්වූ ඡන ගායනා ඇත. බොහෝ ජනගී වලට දේශාභිමානය හා වීරත්වය පාදකවී ඇත. තොල්ඩාන් හා ඩොල්මා යුවළගේ, සෙරීංග්ගේ හා සොනාම්ගේ ළයාන්විත ගායනය තාබ් උදුනේ උණුසුම සමග මුසුව නුබ්රා නිම්නයේ කදු අතර ගලායයි.
ඔබ නුබ්රාවට පැමිනියේද?
ඹබ ලොව උසම කාර්දොංග් දුර්ගය දුටුවේද?
ඵසේනම් නුබ්රාවගැන හොදම කියන්න
නරක නොකියන්න
ඹබ ලොව විශාලතම සයාචන් ග්ලැසියරය දුටුවේද?
ඵසේනම් නුබ්රාවගැන හොදම කියන්න
නරක නොකියන්න
ඹබ නුබ්රාව පුරා ඇති ආරාම වලට ගියේද?
ඵසේනම් නුබ්රාවගැන හොදම කියන්න
නරක නොකියන්න
සුමියුරු ගායනයත් වස්දඩු රාවයත් දෙසවන් සනහාලයි. නුබ්රා වාසීන් කටුක ශීතසමය මෙතරම් විනෝදයෙන් හා සැහැල්ලුවෙන් දරා ගැනීම ඹවුන් පරිසරය හා කොතරම් සමීපදැයි යන්න හොදම නිදසුනකි.


Dr Asela Perera
MBBS MSc (Medical Admin)

Member of International Association for Ladakh Studies
traveldrasela@gmail.com



               

3 comments:

  1. So informative. What is your next destination?

    ReplyDelete
  2. Thank you very much.Most probably Europe.

    ReplyDelete
  3. Sorry to disappoint you, you are not the first Sri Lankan to visit Pangong Lake or Nubra Valley as mentioned. I visited both towards the end of 1990's, I think it was 1999 summer. I would be the first Sri Lankan to visit Nubra valley and Khardung La pass, as it was the first time it was opened to public. I was an Educational Tour Leader for Ikarus Studienreisen in Germany and I used to do at least one tour to Ladakh/Zanskar every year during the summer, from around 1988 to 2002, for around 15 years. Definitely, one of the most remarkable places, including Tibet, that I have visited and it was like second home to me.

    ReplyDelete