Tuesday, October 15, 2019

මල්ලොව සැරිසැරුවෙමි

මල්ලොව සැරිසැරුවෙමි

පසුගිය ගිම්හානයේ අධික උණුසුමෙන් යුරෝපය ගිනියම් වෙද්දී මා කොපන්හේගන් ගියෙමි. දිනක මගී ප්‍රවේශපතක් ලබාගෙන   ගුවන් තොටුපලේ සිට නගරය වෙත සැහැල්ලු දුම්රියේ එන අතරමග දුම්රියෙන් බැස්සේ ක්‍රිස්ටියානියා නිදහස් ජනපදය (Free Town Christiania) වෙත යාමටයි.
ප්‍රවේශද්වාරයන් ජනපදයට ඇතුල්වූ තැන් සිට කලානිර්මානයන්ගෙන් සහ චිත්‍ර වලින් අනූනය. දෙවන ලෝක යද්ධයෙන් පසු අතහැර දමන ලද හමුදා බැරෑක්ක පසුබිම මේනිසා අකාමකා ගොස්ය. මේ අතර හාත්පස සරුවට වැවීඇති ගංජා ගස් ඔඹව මල්ලෝකයකට කැදවා යයි.








ක්‍රිස්ටියානියා නිදහස් ලෝකයක් ලෙස සැලකේ. මෙහි ගංජා. කන්සා හා හෂීෂ් නිදහසේ අලෙවිකෙරේ. මල් ලෝලී තරැණ තරැණියෝ ක්‍රිස්ටියානියා වෙත නිබද පැමිනේ. නමුත් මෙය මත්ලෝලීන්ගේ තිත්පලක් ලෙස වටහා නොගත යුතුය.
මගේ මතකයට එන්නේ නිදහස සොයා ජින්නයි උපාලියි මඩොල්දූවට ගිය ගමනය. අදත් නිදහස සොයා ජින්නල උපාලිලා පමනක් නොව තරුණියන්ද බොහෝ සේ ක්‍රිස්ටියානියා වෙත පැමිනේ. හෙක්ටයාර අටක් පමන විශාල ජනපදය තුල පටු වීදි අතර සරන විට බැම්මක් මත, තුරු මඩලක සෙවනේ නැතිනම් අසුනකට බරදී මල්ලොව සරනා තරුණ තරුණියන් සුලබ දසුනකි.
ක්‍රිස්ටියානියා ජනපදයේ දහසකට ආසන්න වැසියන් පිරිසක් ඉතා සාමකාමී ලෙස වාසය කරති. 1971 තෙක් ඈතට දිවයන ඉතිහාසයක් මෙම ජනපදයට ඇත. දෙවන ලෝක යුද්ධ සමයේ ඩෙන්මාර්ක් හමුදා සහ මිත්‍ර හමුදා භාවිතාකර අත්හල බන්කර් මුලින්ම මල් ලෝලීන්ගේ තිත්පලක් වන්නට ඇත. ක්‍රමයෙන් විකාශනය වන මල් වෙළදාමත් එ හා සබැදුන ක්‍රියාදාමයනුත් නිසා ක්‍රමිකව විවිධ කල්ලි කන්ඩායම් මෙහි වාසස්ථාන හදාගන්නට ඇත. පසුව ක්‍රමයෙන් ජනාවාසයක් බවට පත්ව ඩෙන්මාර්කය තුලම ඩෙන්මාර්ක නීතියටද අවනත නොවන ජාත්‍යන්තර ප්‍රජාවක් ලෙස ක්‍රිස්ටියානියා දළුලමින් වැඩෙන්නට විය. වර්ෂ 2004 තෙක්ම මල් වෙළදාම මෙහි නිදහස් වෙළදාමක් ලෙස ජයටම කෙරෙන්නට විය. ට අමතරව හෂීෂ් වෙළදාමද සිදුවේ. සෑම කලු වළාවකම රිදී රේඛාවක් සේ මෙම මල් පාරාදීසයේද අගය කලහැකි දෑද ඇත. මෙම ජනපදය තුල හෙරොයින්, කොකේන් හා අයිස් වැනි සැර මත්ද්‍රව්‍යයය (Hard Drugs) සපුරා තහනම්ය. ගිනිඅවි භාවිතය තහනම්ය.  ජීවිතයේ උපරිම නිදහස පතන ක්‍රිස්ටියානියා වැසියන් කලකෝලහලවලට විරුද්දය. ගහමරාගැනීම් නොමැත.සෙරකම ඉදුරා තහනම්ය. කඩ සාප්පුවල බඩු ඇත. වෙළෙන්දෝ නොමැත. තමුන්ට අවශ්‍ය භාණ්ඩ රැගෙන අදාල ස්ථානයේ මුදල් තැබිය යුතුය. මටත් ගතයුතු දෑ කීපයක්ම තිබුනද ක්‍රමය හුරු නැති නිසා ගනුදෙනු නොකලෙමි. මට ඌරනිය පැත්තේ “සාධාරන ෂ්ටෝර්ස්” මතකයට නැගුනි. එහි තිබුනේද මෙම සංකල්පයම නොවේදැයි මට සිතුනි. මෙයට වසර දාසයකට දාහතකට පෙර “සාධාරණ ස්ටොර්ස්” ඉදිරිපසින් කොපමන ගමන්කර තිබුනද ගනුදෙනු කර නොතිබුනි. සාධාරණ ස්ටෝර්ස් මුදලාලි බංකොලොත් වුනාද දියුණු වුනාද කියා මා නොදනිමි.
ඩෙන්මාර්ක් රජයෙන් හා වැසියන්ගෙන් නිරන්තරයෙන් එල්ලවන  පීඩනය හා මර්ධනය ක්‍රිස්ටියානියා ඉතිහාස කථාව ලියනුයේ කදුලිනි. වරෙක ඩෙන්මාර්ක් පොලීසිය ක්‍රිස්ටියානියා ජනපදය බිමට සමතලාකරදැමීම සදහා ඩෝසර් රැගෙන වටලන්නට විය. නමුත් අභීතව අරගලයේ යෙදුන ජානපදිකයෝ අවසන ජය ලදහ. නමුත් පසුකාලයේ ජනපදයේ ස්වාධීනත්වය සීමා කෙරුන අතර වැසියන් දැන් විදුලි බිල්, ජල බිල් මෙන්ම කසලබැහැර කිරීම සදහා වන බදු ආදිය ගෙවනු ලබති. 

සමලිංගික සේවනය ක්‍රිස්ටියානියා ජනපදයේ පිලිගත් ධර්මතාවයකි. සජීව සමලිංගික දර්ශණ අදටත් පවත්වයි. නමුත් අදවනවිට මෙම ජනපදය යෝග සහ භාවනා වැඩසටහන් සදහාද ප්‍රසිද්ධියක් උසුලයි. නිදහස් හා ලිබරල් මතධාරී ක්‍රිස්ටියානියාව සමග භාවනාව ගැටගැසුනේ කෙලසදැයි මා නොදනිමි. 
වීදි ඔස්සේ ඇවිද යනවිට කළුසුදු දුඹුරු ගැහැණු පිරිමි තරුණ මහලු කොණ්ඩෙ වවපු හිස භුගාපු මෙකී නොකී නානා කායන් හමුවේ. නමුත් මේ කිසිවකු අතර මලක් දුමක් බෝතලයක් හෝ කයක් විකිණීමට දගලන ඇවිටිලිකරුවන්  තැරැව්කරුවන් හෝ තගදමන්නන් නොමැත. ඔබේ සතුටේ සහ නිදහසේ ඉම ඔවුන් සිටිති.මෙම ඡානපදිකයින්ගේ ඡීවිත නිදහස් හා සරල බව පෙනේ නමුත් එම ඡීවිත කොතරම් සතුටෙන් ගතකරනවාද යන්න මට අවබෝධයක් නත.

සමනලුන් මත්ලෝලීන් මෙන්ම මේ අරුම පුදුම දේශය දැනගැනීම හා දැකගැනීමට කැමති උදවිය ලක්ෂ පහකට වඩා  වාර්ෂීකව මෙහි පැමිනේ. ක්‍රිස්ටියානියා ජනපදය අදවනවිට ඩෙන්මාර්කයේ පළමුපෙල සංචාරක ආකර්ශන ස්ථානයකි. නමුත් සංචාරක අප පිළිපරදිය යුතු පිළිවෙත් පෙලකි. ජනපදය තුල කැමරා ජංගම දුරකථන භාවිතය සපුරා තහනම්ය. නිදහසේ මෙහි සැරියහැකිමුත් මල්ලොව සරන්නවුන්ට බාධා නොකල යුතුය. මුලදී පුංචි බියක් දැනුනද පසුව එය පහවේ. ඔඹට ඔඹ පාලනය කරගත හැකිතාක් ක්‍රිස්ටියානියා මල්ලෝකයකි. පරිස්සමට ඔතාගත්තෙනැත්නම් මල රකුසෙකි.


Dr Asela Perera
MBBS, MSc, MD(Medical Admin)
Member of International Association for Ladakh Studies





Saturday, December 16, 2017

ස්තොක් මාළිඟයේ දි රජ පවුල හමුවෙමු.

නැම්ගියාල් රාජාවලියේ මුලාරම්භය වසර දහසකටත් වඩා අතීතයට දිවේ. ලඩාකයේ ශ්‍රේෂ්ඨතම රජු ලෙස සැලකෙන සිංහ නැම්ගියාල්විරුදාවලිය ලත් සෙන්ගී නැම්ගියාල් නව මහල් ලෙහ් මාළිගය ඉදි කළේය. පසුව යෙෆල් නැම්ගියාල් ස්තොක් හී දැකුම්කළු මාළිගයක් ඉදි කළේය. ෂරවන් සිංග් ගේ නායකත්වයෙන් යුත් ඩොග්රා හමුදාව ලඩාකය ආක්‍රමණය කරනුයේ 1841 දීය. යෙෆල් නැම්ගියාල් රජුට ඩොග්රා ආක්‍රමණයට මුහුණ දීමට තරම් ශක්තියක් නොවුයෙන් ලඩාකය ජම්මු හා කාශ්මීර රාජ්‍යට ඈදා ගනු ලැබිණි.
            ලෙහ් මනාලී මාර්‍ගයේ ලෙහ් සිට දකුණු දෙසට කිලෝ මීටර 15ක් පමණ පැමිණ ඉන්දු නදිය තරණය කර සංස්කාර් කඳු පංතිය දෙසට ගමන් ගන්නා විට ස්තොක් ගම්මානය හමුවේ. කෙත්බිම් පිස හමන මද පවන සුවදායී පරිසරයක පෙර මග පවසන්නාසේය. නිරන්තර සුදෝසුදු හිමෙන් වැසුණ ස්තොක්තැංග්රී කඳුවැටිය ඉදිරිපසින් දිසේ. නැම්ගියාල් රාජාවලිය මෙවන් පරිසරයක සිය මාළිගය ඉදිකරගැනීමේ අරුමය කිම.
මාළිගයේ ප්‍රධාන ප්‍රවේශය අසල රථය ගාල් කෙරෙනවිට හිරුරැසින් නැහැවෙන මාළිගය ප්‍රෟඩව කදුමුදුනේ සිට අහස්කුස සිපගනිමින් සිටියේය. අසල කුඩා තුරුගොමුවක ලැගසිටි බිගු කැලක් වේගයෙන් මාළිගය දෙසට පියඹාගියේ අපගේ පැමිණීම වගකිවයුත්තනට දැනුම් දීමට සේය.
 ප්‍රාකාරයේ මිටි ප්‍රවේශ දොරටුවේ වාහල්කඩ ඉස්මත්තේ ස්ථූපයකි. එහි සිට පරිවාර ගොඩනැගිලි අතරින් ගල් පියගැට පෙළ පාර කියනුයේ මාළිගාවේ පිටත ප්‍රවේශ දොරටුව වෙතය. එහි ඇති කාර්යාලයෙන් රුපියල් පනහක ප්‍රවේශ පත ලබාගෙන පියගැටපෙළ නැඟි විට මාළිගා මිදුලට පිවිසේ. මිදුලේ ඉදිරිපස සහ දෙපස ආවරණය වන ලෙස ඇති පිය මඟකි. විලෝ ලීයෙන් කළ එහි පියස්සට ගොඩවීමට කුඩා පියගැට පෙළකි. දැන් එය පටු බැල්කනියකි. නිල්ල පිරුණු ස්තොත් ග්‍රාමයත් ඈත නිම්නයේ ගලා බසින ඉන්දු ගංඟාවත් පසුබිමේ ඇති ලඩාක් කඳු පන්තියත් මවන දසුන විස්තර කිරීමට වදන් පෙළගැස්වීම දුෂ්කරය.



   

Thursday, November 30, 2017

රෑ දොලහට බර්ලිනයට

බෙඩ්ලිවෝ සමුළුව අවසන පිරිස විසිර යන්නටවිය. ටිබෙට් මිතුරා ලොබ්සාංග්  අදදින පොස්නාන් හී ගතකර පසුදින වොර්සොව් බලායාමට නියමිත විය. බර්ලිනයට පය ගහන්න තියෙන ආශාවත් දුර ගමනක් ජර්මන් දුම්රියකින් යන්න තිබුන බලාපොරොත්තුවත් යන දෙකම සඵල කරගන්න මා ආපසු ෆ්‍රැරැන්ෆර්ට් යන ගමන බර්ලිනය හරහා සැලසුම් කරගෙනයි තිබුනෙ. පොස්නාන් සිට බර්ලින් බලා යාමට නියමිත පොල්ස්කි බස් සමාගමේ සුඛෝපභෝගී බසය ඩොර්සෙක් බස්නැවතුමට රත්‍රී හතයි පහට සේන්දුවුනා. 
වොංග්චුක් ලාමාත් ලඩාකීය මිතුරකු වුන ලොබ්සාංග් ඇතුළු තවත් ලඩාකීය තරුණියන් තිදෙනකුත් මෙම බසයෙන්ම බර්ලින් යන්න නියමිත විය. බර්ලිනයෙන් ප්‍රංශයටත් එතනින් ස්විට්සර්ලන්තයටත් යන්න ඔවුන් සැලසුම් කර තිබුණි.

Tuesday, November 21, 2017

ගෝර්ටන් මාළිගය

හනුමා ලංකාව ගිනි තිබ්බේ රාමායනයෙ. ඒ ඵෙතිහාසික පුරා වෘත්තයක. නමුත් මෙදා ගෝර්ටන් මාළිගය ගිනි තිබ්බේ හැබෑවටම. වඳුරන් භාරතයේ දේවත්වයේ ලා සැලකේ. එනිසා කොපමණ හිරිහැර කරදර තිබුණත් වඳුරාට හිංසා පීඩා නොකෙරේ.
            ශිම්ලා හි මෝල් වීදියේ පෞරාණික චාරිකාව ඇරඹෙන්නේ ඕපාදූප තුඩුවේ Scandal Point සිටය. ගමන දෙපයින්ය. හෙරිටේජ් වෝක් කියන්නේ ඒ නිසාය. මුළු චාරිකා දුර කිලෝ මීටර 2.5 කි.සිහින් මීදුම අතරින් පහලින් ලෝවර් බසාර් වීදියේ කඩපෙල දිස්වේ. උදෑසන නිසා තවම කඩ සාප්පු විවෘත්තව නැත. පයිනස් තුරුහිස් අතරින් ඈත දුම්රියපලේ පුංචි කෝච්චිය කල්කා බලා ගමන් අරඹන්න ලකලෑස්තිවේ. මධ්‍යම තැපැල් හල, ශාන්ත ඇන්ඩෘ දේවස්ථානය, කලිබාරි දෙවොල සහ රේල්වේ ‍බ්‍රෝඩ් ගොඩනැගිල්ල ආදිය නරඹා අප ගෝර්ටන් මාළිගයට පැමිණියෙමු.
වීදිය දෙපස ඇති ගොතික් මාදිලියේ ගොඩනැගිලිත් සෞම්‍ය දේශගුණයත් ස්කොට්ලන්තයේ කදුකර කුඩා නගරයකට ඔබ රැගෙන යයි.     

Friday, September 29, 2017

මාතෝ ආරාමය

තික්සි ආරාමය නැරඹීමෙන් පසු අප නැවත ලෙහ් - මනාලි මාර්ගයට පිවිස ටිකදුරක් ඉදිරියට ගොස් දකුණු පසට ඇති පටු මාර්ග පිවිසුමේ නතරවුනෙමු. ස්ටක්නා හා මාතෝ ආරාමවලට මේ මග ඔස්සේ යාහැක. අද සීතල උදුවප් මහේ පැහැබර දිනයකි. අතදිගු මානයේ නිල් අහස්කුස පසුබිමේ කුඩා කදු ගැටයක් මුදුනේ විසල් ස්ටක්නා ආරාමය දිස්වේ. මාතෝආරාමයට මෙහිසිට කිලෝ මීටර ‍12ක පමණ දුරක් ඇත.
            පටු මග ඇරඹෙන තැන දෙපස කුඩා තේ කඩ දෙකකි. ලංකාවේදී ගිනි රස්නෙත් උදේ දහයට තේ ඵකක් බොන අපිට මෙවන් සීතලක උණු තේ ඵකක පහස නොලබා ඉදිරියට යන්න හිත නොදේ. පියා කඩයේ තේ සාදයි. වෙළදාම් කරයි. ඔහුගේ දාහතර වියැති පුතු කඩපලට වී ගණිත පාඩමේ යෙදේ. ලඩාකයේ කටුක දේශගුණය මධ්‍යයේද දරුවෝ සිය අධ්‍යාපන කටයුතු මැනවින් සිදු කරති. ඵ් අතර අපේ කට්ටිය පොඩි බඩගින්නට පියා සෑදූ උණු නූඩ්ල්ස් පිගන් දෙකක් හා අලපෙති පැකට් කීපයක්ම හිස්කලෝය.
            ස්ටක්නා යන්නේ තෙරුම කොටි නාසයයන්නය. ඵ් ආරාමය පිහිටි කුඩා කදු ගැටය කොටියකුගේ නාසය හැඩය ගන්නා නිසාය. දාසය වන ශතවර්ශයේදී භූතාන ජාතික බෞද්ධ ලාමාවරයෙකු වූ චොස්ඡි ජිමියැංග් පල්කාර් තුමන් විසින් මෙහි ආරාමයක් ඉදිකරන ලදී. පසුකලෙක ඵය කොටි නාසය යන අරැත ඇති ස්ටක්නා ආරාමය ලෙස ප්‍රචලිත වන්නට විය. ඩ්‍රග්පා පාර්ශවයට අයත් ස්ටක්නා ගොම්පාවේ ලාමා වරැන් තිස් දෙනකු පමණ වැඩ වාසය කරති. ආරාමයේ ඩුකෑංග් විහාර කීපයක්ම ඇත.





Friday, September 1, 2017

යස ඉසුරින් පිරි හෙමිස් ගොම්පාව

ලෙහ් මනාලී මාර්ගයේ කාරු ආසන්නයේ දී ඉන්දු නදිය හරහා සංස්කාර් කඳු පංතිය වෙත දිවෙන මාර්ගයකි. මඟ දෙපස නිම්නයේ පොප්ලර් ගස් සෙවනේ සරුවට වැඩෙන බාර්ලී වගා බිම්ය. කඳු වැටියේ දඟර ගැසී ඉහළ නැගෙන මඟ ක්‍රමයෙන් හුදකලා පරිසරයකට පැමිණේ. දෙපස මුඩු භූමියේ ක්‍රෝටන් ලෙස හඳුන්වන ස්ථූපය. ඒවා ලුංග්තා කොඩිවැලින් සරසා ඇත.
            තැංග්තොංග් රශ්චන් Stangstong Raschen ලාමාතුමන් විසින් හෙම්ස් ආරාමය ඉදිකිරීම ඇරඹුවේ වර්ෂ 1630 දී ය. සෙන්ජි නැම්ගියාල් රාජානුග්‍රහය ඊට ලැබුණි.
            රථගාල පිහිටා ඇත්තේ ගොම්පාවේ පාමුලම බැවින් දෙපයට සැනසීමකි. රථයට ඉසිසඝුලන්නට ඉඩහල අප ඒ අසලම ඇති ගොම්පාවට අයත් භෝජනාගාරයට ගොඩවැදුනේ කුසට ඉස්පාසුවක් දෙන්නය. සියයට සියයක්ම නිර්මාංශ ආහාර පමණක්ම සපයන මෙම භෝජනාගාරය එතරම්ම හොඳ තත්ත්වයේ නොපැවතුන ද සාධාරණ මිලකට ආහාර වේලක් සපයා ගැනීමට නරකම නැත.
            අහරකිස නිමවා ප්‍රවේශ කවුළුවෙන් විදේශිකයන් සඳහා ඉන්දීය රුපියල් පනහක ප්‍රවේශ පත්‍රය බැගින් මිලයට ගෙන අත ඉක්මන් කළේ නරඹන්නට බොහෝ දෑ අති බැවිනි.
            ආරාමයේ පහළ සිට ඉහළට රතු සහ සුදු වර්ණාලේපිත සිව්මහල් , දෙමහල්, තෙමහල් ගොඩනැගිලි පෙළ වම්පසින් පිහිටි පියගැට පෙළින් සම්භන්ධ වී ඇත. ආරාමය පුරාම දක්නට ඇත්තේ ටිබෙට් ගෘහ නිර්මාණ ශෛලයයි.
            ප්‍රධාන විහාර ගොඩනැගිලි දෙක මධ්‍යයේ ඔපදැමූ කළුගල් ඇතිරූ මැද මිදුලයි. එය විවිධ උත්සව සහ පූජා අවස්ථාවන් හි දී ලාමාවරුන් රැස්වීම සඳහා භාවිතා වේ. මධ්‍යයේ ඇති කොඩිගස ලුංග්තා කොඩිවැලින් සැරසී ඇත.


Tuesday, June 27, 2017

ඇම්චි වෙද දුරු

                ප්‍රකාශ් විසිඅට වියැති ප්‍රසන්න පෙනුමැති තරුණයෙකි. අපට හමුවූයේ කීලෝංග් ප්‍රධාන වීදිය ඔස්සේ පුරවර ගවේශණය උදෙසා සැරිසරන සැදෑවක දීය. කෞතුකාගාරය නගරයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනයකි. කෞතුකාගාරයට මදක් පහළින්, කීලෝංග් සමූපාකාර අලෙවිසැල ඉදිරිපිට වීදියේ කඩපෙලේ කෘෂි රසායන අලෙවි සැලකි. ප්‍රකාශ් එහි හිමිකරුය.
                අප අතර දැනහැඳුනුම්කම ඇතිවූයේ අප ඔහුගෙන් යම් ඉසව්වක් පිළිබඳ තොරතුරු විමසීමෙනි.
                ලොහෝල් වැසියන් ඉතාම කාරුණික නිර්ව්‍යාජ ජන කොටසකි. බෞද්ධ ආභාෂය ඊට බලපා ඇතුවාට නිසැකය. ඔවුන් මදක් කුලෑටිය. අමුත්තන් හා දොඩමළු වීමට පසුබාති. සන්නිවේදන මාධ්‍යත් ඊට එක් හේතුවකි.