කනසාවා
මාළිගයට දකුණු පසින මද බෑවුමකි. 1676දී පස්වන මෙයිඩා වංශික සුනනෝරී විසින්
රෙන්චියෝචින් ලැගුම්හල මාළිගාවට මුහුණලා මෙම බෑවුමේ ඉදිකරන්නට විය.ලැගුම්හල වටා
පිහිටි උයන රෙන්චිතෙයි ලෙස නම්කලේ සුනනෝරී විසින්මය.ජපානයේ ප්‍රසිද්ධම උද්‍යාන
තුනෙන් එකක් වන කෙන්රොකීන් උද්‍යානයේ මූලාරම්භය එයයි.
ආක්‍රමන,
ගිනිතැබීම් හා ගිනිගැනීම් වලින් නොඅඩු ජපන් ඉතිහාසයේ රෙන්චියෝචින් ලැගුම්හල හා රෙන්චිතෙයි
උයනද 1759දී ගිනිබත්විය. වර්තමාන උද්‍යානයේ ඇති බොහෝ අංග එකතුකල දොලෙොස්වන නරිනගා
උයනට නමක් තබනලෙස ෂිරකාවා රකුවො කුමරුගෙන් ඉල්ලා සිටියේය. කලාව. උද්‍යානකරණය හා
ස්වභාව සෞන්දර්ය පිළිබද හසල දැනුම ඇත්තකු වූ රකුවෝ කුමරු කෙන්රොකීන් යන නම උද්‍යානයට
තැබුවේය. ඒ 1882දීය. එහු මේනම උපුටාගෙන ඇත්තේ ලූ යැංග්ගේ උද්‍යානකරණය
පිළිබද සම්භව්‍ය චීන කෘතියෙනි. කෙනරොකීන්
යන්නේ සාහිත්‍යමය අරුත රසයන් හයකින් යුත් උයන යන්නය. උයනේ සරන අතරතුර මේ රසයන් හය
හදුනාගනිමු.
උයනේ
දකුණුදෙසින් පිහිටි සූෂින්සාකා ප්‍රවේශයෙන් ප්‍රවේශපත්‍ර ගෙන අරාකී සාං අප අත
තැබුවාය. වැඩිහිටියකුගේ ප්‍රවේශපතක් යෙන් තුන්සීයක්ද වයස දාහතට අඩුනම් යෙන් අසූවක්ද
වේ. සූෂින්සාකා ප්‍රවේශයට නැගෙනහිරින් ඉෂිකාවා සාම්ප්‍රදායික අත්කම් හා කලානිර්මාණ
කෟතුකාගාරය පිහිටා ඇත.
දැන්
අප උද්‍යාන මංතීරුප ඔස්සේ ඉදිරියට පිය නගමු. මුළු උයන පුරාවටම ගල් අතුරා මනාව
සකස්කරන ලද මෙවැනි පටු මංතීරු පද්ධතියකි. සක්මන් මංතීරු සහිතව මනාව බිම සකසා උද්‍යාන
වපසරිය පුළුල් කරවූයේ 12වන නරිනගා සහ 13වන නරියාසූ විසිනි.
මේපල්,
චෙරි, ෆයිනස් තුරු සෙවනේ ශරත් සිසිලස විදිමින් පිය මනිනවිට ‘තෂුමී ගයිකේ’ තටාකය
හමුවේ.
ජපන්
උද්‍යානකරණයේ කුඩා විල්, ජල තටාක, පොකුණු,
දියඇලි හා දියමං අත්‍යාවශ්‍ය අංගයෝය. මෙම ජල සංසරණ ක්‍රමය හදුන්වනුයේ තසුමී ලෙසය.
තසුමී ගයිකේ විල පිහිටියේ උයන මධ්‍යයේය. උද්‍යානයේ ඊශාන දිශාවේ පිහිටි යමගකියාමා
කන්දේ සිට ගලන දිය දහරෙන් විල පෝෂණය වේ. මෙමදිය දහර හරහා විල ආසන්නනේම ඇති දෙදුනු
හැඩති ශෛලමය පාලම නිජිබාෂී නැතහොත් දේදුනු පාලමයි. දේදුනු පාලම උඩ සිට ඡායාරූප
ගන්න දෙස් විදෙස් සංචාරකයින් අතර ඇත්තේ මහත් උනන්දුවකි. ආශාවකි.
“අසේල
සං, නිජිබාෂි පාලම උඩ ඉදල මගෙත් ලස්සන පිංතූරයක් ගන්න” අරාකි සං සුන්දර සිනහවකින් මුව සරසාගෙන දේදුනු
පාලම උඩය.
දේදුනු
පාලම අසලම තසුමී ගයිකේ විලේ කනසාවා නගරයේ නිල ලාංඡනය වන ‘කොටොජිටරෝ’ Kotojitoro ශෛලමය පහන්ටැඹ ඇත. පහන්ටැඹේ දුන්නක හැඩැති ශෛලමය
පාදයන් දෙකකි. එකක් විල් දියේය. අනෙක විල ඉවුරේය. පාද දෙක යාවන මැද ශෛලමය
ලන්තෑරුමකි.
“ඔබ
දන්නවද අපේ නගර ලාංඡනයේ අරුත? “ කනසාවා විශ්ව විද්‍යාල රෝහලේ අධ්‍යක්ෂක මාහාචාර්ය
කමිසුරෝ ටොමිටා දිනෙක දේශනයක් අතරතුර අපෙන් විමසීය. අපි කිසිත් නොදත්තෙමු.
“කොටොජිටරෝ
ලන්තෑරුමේ එක් පාදයක් විලෙත් අනෙක ගොඩ බිමත් තියෙන්නෙ ජීවියා ජලයේ සිට ගොඩබිමට
පැමිණීම අර්ථවත් කරන්නයි. එසේ පැමිණි ජීවියාගෙන් උසස්ම සහ බුද්ධිමත්ම ජීවියා වන
මිනිසා සංකේතවත් කරන්නෙ පාද දෙක මැද ඉහලට පිහිටි පහන් කුටියෙන්. මිනිසා සිය
බුදධියේ ප්‍රභාවෙන් මුළු පෘතුවියටම ආලෝකය විහිදවීම මෙහි දැල්වෙන පපහනේ ආලෝකය
කියාපානව.” මහාචාර්ය ටොමිටොගේ දර්ශනවාදී අර්ථ දැක්වීම කෙතරම් අගනේදැයි දැනට
නොදැල්වෙන කොටොජිටරෝපහනේ බුදධි ආලෝකයෙන් මට මනාව වැටහිනි. යොකුසූයි දිය දහරාවන්,
ශෛලමය ලන්තෑරුම් සහ පාලම් උද්‍යානයේ ජපන් අනන්‍යතාව කදිමට කැටිකෙරේ.
ඕනෑම
ගසක අත්තක් පොළවට සමාන්තරව අඩි සියගනනක් වුව ඈතට රැගෙන යාමට ජපන් උද්‍යාන ශිල්පීය
ඥානය පොහොසත්ය. මෙවැනි අතු ආධාරක මගින් කඩාවැටීම පාලනය කෙරේ. දැන් අප සිටිනුයේ
කරසකිනෝ මට්සූ Karasakino
Matzu නොහොත් බ්ලැක් ෆයිනස් ශාඛ පදෙසේය. බ්ලැක් ෆයිනස්
ගස්යට නැව් කඹ වැනි විශාල කඹද අඩි සියගනනක් උස්චූ ලී දඪුද ගොඩගසා ඇත. ඒ කිමක්
අරභයාදැයි අප සමග උයන් සැරියේ යෙදෙන ෆුජිමොටෝ සං ගෙන් විමසුවෙමි.
“තව
දින කීපයකින් ජපානයට ශීත සෘතුව පටන් ගන්නව. කනසාවා කියන්නෙ සාමාන්‍යයෙන් දැඩි
හිමපතනයක් සිදුවන ප්‍රදේශයක්. හිමවල බරට මේ අතු කඩාවැටෙන එක වලක්වන්න ගස මැද සිටවන
මේ ළී දණ්ඩට කඔවල ආධාරයෙන් අතු සියල්ල එල්ලනව.” ඇගේ පැහැදිලි කිරීමෙන් කාරණය
පැහැදිලිය. තවත් මේ ගැන දැනගැනීමට ඇති වූ උනන්දුව සනහාලීමට මා උද්‍යාන අත් පත්‍රිකාව
පිරික්සීමි.
කනසාවා
වැසියන් සිය දෑස්සේ රැකගන්නා මේ රෑස්ස කරසිකිනෝ මට්සු කළු ෆයිනස් ශාඛ වලට ඇත්තේ
ඓතිහාසික වටිනාකමක්. කියොතෝ හී බීවා විල අසල පිහිටි ප්‍රදේශයකි කරසාක. දහතුන්වන
නරියාසු උතුමන් විසින් එහිසිට රැගෙන ආ බීජ අද මෙසේ යෝධ ෆයිනස් ශාඛ ලෙස වැඩී ඇත.
සෑම වසරකම නොවැම්බර් පළමුවැනිදා සෑම ගසකම අතු සුකිසුරී කඹ වලින් ගස මැද සිටවන ලී
දණ්ඩට කේතුවක ආකාරයට එල්ලනු ලැබේ. මෙය සුකිසුරී කිරීම ලෙස හැදින්වේ. ශීත සමයේ හිම
පතිතව ඇති කේතු හැඩැති සුකිසුරී කඹ වලට විදුලි ආලෝකය යෙදූ විට රාත්‍රියේ කනසාවා
උයනේ අති රමණීය චිත්‍රනයක් සිතුවම් වන බැව් අරාකි සං කීවේ තව ටිකදවසක් ඉදල ඒකත්
බලලම යන්න කියන්නා සේය.
අප
දැන් සිටිනුයේ උයනේ මදක් උස් සම භූමියකය. බටහිර දිශාවේ අනන්තය තෙක් පැතිරුන කනසාවා
භූ දර්ශනය රසවිදියහැක. හාත්පස මනස්කාන්ත දසුන් නෙත් මානයට කැන්දනා මෙම ස්ථානයට
කියනුයේ ‘බැලුම්ගල’ නැතිනම් ‘පැනෝරාමික් විව් පොයින්ට්’ කියාය. හපුතලේ සිය තේ වතු
යායේ සිට ලිප්ටන් මහතා දකුණු දිග කිරින්ද මුහුදතෙක් මෙවැනිම වූ මනස්කාන්ත දසුන නිති නරඹමින් මොනතරම්
මානසික සුවයක් ලබන්නට ඇත්දැයි මට සිතිනි. අද අප අතර ප්‍රචලිත ‘ලිප්ටන් සීට්’
ලිප්ටන් මහතාගේ බැලුම්ගලයි. හාත්පස සොදුරු දසුන් නෙත් මානයට කැදවීම ලූ යෑංග්ගේ රස
සයෙන් එකකි.
මීලගට
අපට හමුවන්නේ යොකුසුයි දියමංපෙතේ තවත් සුන්දර ස්ථානයකි. යොකුසුයි දෑල සකුරා ගසින්
සෙවන කෙරේ. වසත් සමයේ රෝස පැහැ සකුරා
මලින් වැසීගත් යොකුසුයි දෑල මවන සුන්දරත්වය මා සිතින් සිත්තම් කර ගත්තෙමි.
ජලය
නෙතට රසදුනකි. උයනක අගහිගයකින් තොරව දියමං තිබීම ලී යෑංග් ගේ තවත් එක් රසයකි. කෙන්රොකීන්
උද්‍යානයේ කොතැනක බැලුවත් දිය දහරා වල අඩුවක් නොමැත. 1631දී උයන විශාල ගින්නකට ගොදුරු විය. එදා තුන්වන
ටොෂිට්සුනේ උතුමානන්ගේ උපදෙස් පරිදි හයොෂිතෝ ඉතායා විසින් බොහෝ දිය දහරා උද්‍යානයට
එක්කලේ ගිනි ආරක්ෂක උපක්‍රමයක් ලෙසය.
යුකිමිබාෂී
ශෛලමය පාලම අසල දිය මගේ එහා ඉවුරේ පාද තුනේ ගල් ලන්තෑරැමකි. හිම පතනයේදී හා
වර්ෂාවෙන් පහනට බාදාවක් නොවීමට වට්ටියක් අනෙක් පස නැමුවා සේ විශාල වෘත්තාකාර
පියස්සකි. ලන්තෑරුමේ පාද තුනම දියේය. උස අඩි දෙකහමාරක් පමනවේ. උයන පුරා මෙවැනි
ලන්තෑරුම් බොහෝය. දියෙහි පිහිටා ඇති පහන් වලට පාද ඇති නමුදු ගොඩබිම ඇතිඒවා උසින්
වැඩි අතර තනි ගල් ආධාරකයක පිහිටා ඇත. මෙම
ලන්තෑරුමට මදක් එපිටින් පීටිකාවක ශෛලමය පැගෝඩාවකි. අඩි දොලසක් පමණ උස පැගෝඩාවේ ක්‍රමයෙන්
කුඩාවන සේ මහල් තුනකි. සෑම මහලකම සිව්පස කවුළු ඇති අතර ඒවා පහන් කුටි ලෙස භාවිතා
කලහැක. පැගෝඩාව ඉහළින්ම ඇත්තේ අඩි තුනක පමන කොත් කැරැල්ලකි. නිජිබාෂී දේදුනු
පාලමේදී අරාකි සං ගේ පිංතූර ගැනීම නිසා නෝක්කාඩුව සිටින ෆුජිමෝටෝ සං ගේ හා සුනනොරී
සං ගේ හිතේ කහට යන්නත් එක්ක යුකිමිබාෂී පාලම අසල සිට ඒ දෙපල දෑල තබා පිංතූරයක් ගත්තෙමු.
ඉන්පසු දෙපලගේම මුහුණු හොදය. ජපන් වුනත් ගෑහැණු අතරනම් ඊරිසියාවේ කිසිම වෙනසක්
නැතැයි මට සිතිනි.
ගස්වල
හැඩතල මැවීම ජපන් උද්යාන කලාවේ සුවිශේෂී ලක්ෂණයකි.ලොකු කුඩා සෑම ශාකයකම තමන්ට අවශ්‍ය
හැඩතල පවත්වාගැනීමට එය පොහොසත්ය. ඇසට ප්‍රිය ක්‍රමවත් සුන්දර පරිසරයක් වමගින් ජපන්
උයනට දායාදකෙරේ. යමගිකියාමා කන්ද පදෙසේ ඇති මේපල් ගස්වල තාරුකා හැඩති පත්‍ර සරත්
සමයේ කහ, රතු හා තැඹිලි වර්ණයෙන් විචිත්‍රවත් වී ඇත. මේ දේදුනු පැහැයන් අතරින් අප
යන්නේ උද්‍යානයේ නැගෙනහිර කෙලවර පිහිටා ඇති යමගිකියාමා කන්ද තරණයටයි. ඒ යන අතරතුර
කළුගල් පීඨිකාවක ඇති මෙයිජි කුමරුගේ ප්‍රතිමාව හමුවේ.
යමගිකියාමා
කන්ද උද්‍යානයේ උසම ස්ථානයයි. මනාව සැකසූ ගල් පඩි සහිත මංපෙත නිසා නැගීම පහසුය.
මෙහි මුදුනේ ඇති බලුම්ගලට ගියවිට සිව්දෙස දසුන නෙත්කළුය. සරත් සමයට ආවේණික
දේදුනුපැහැ ගැන්වුන තුරු මුදුන් සිතුවමක්සේ සිත මන්මත් කරයි. යමගිකියාමා කදු මුදුනේ බැලුම්ගල ශාන්ත පරිසරයේ
සිට සුපසන් සිතින් උයනේ දකුණුදිග කොදට්සුනෝ ප්‍රවේශ මාර්ගයෙන් පල්ලම් බසිනවිට
‘හනමිබාෂී’ පාලම හමුවේ. හනමිබාෂී යන්න ජපන් බසින් ‘මල් දැක්ම’ යන අරුතදේ.
වසන්තයේදී මෙම ගල් පාලම මතට පැමිණිවිට හාත්පස චෙරි. ටියුලිප් හා ලලී වැනි මලින්
සැරසුන දසුන දැකබලාගත හැක.
උයනේ
තවත් වැදගත් අංගයක්වන ශිගුරිනේ තේ ගෘහය Tea House පිහිටියේ බටහිර දෙසින් පිහිටි හසෙස්කි පොකුණ
අසලය. පස්වන සුනෙනොරී විවේක නිවස්නයක් ලෙස ඉදිකල රෙන්ච්යෝචින් ගොඩනැගිල්ලපසුකලෙක
මෙලෙස තේ ගෘහයක් බවට පත්විය. තේ ගෘහය හා ද්සෙන් දර්ශනය අතර සමීප සබදියාවක් ඇත. බොහෝ
ඉපැරණි ද්සෙන් ආරාමවල තේ ගෘහයක් අනිවාර්යෙන්ම දැකියහැක. තේ ගෘහයට ශිගුරිනේ යන නම
හයවන යොෂිනෝරි උතුමාණන් විසින් යොදන ලද්දකි. ගෘහය අද පවතින හසෙස්කි පොකුණ අද්දර
ස්ථානගත කරන ලද්දේ වර්ෂ 2000දීය.
උද්‍යානයේ
බටහිර මායිමේ හිසගොයිකි තඨාකයට පහළින් වතුර මල පිහිටා ඇත. මෙය ජපානයේ ඇති පැරණිතම
වතුර මල ලෙස සැලකේ.මෙම ස්ථානයට ඉහළින් ඇති කසුමිගයිකේ පොකුණ මෙම වතුරමලේ ප්‍රහවයයි.
ස්වාහාවික ජල පීඩනය මගින් වතුරමල ක්‍රියාත්මකවේ. අපගේ ආදී සිංහලුන් පහළ සිට ඉහළට
වතුර ගෙන ඇති සීගිරි උද්‍යානයේ ඇති වතුර මල නිතැතින් සිහියට නැගේ. මෙම වතුර මලේ
සාමාන්‍යයෙන් අඩි දහයක් පමණ උසට ජලය විදිනු ලැබේ. එම උස කසුමිගයිකේ පොකුණේ ජල
මට්ටම අනුව අඩු වැඩිවේ. වර්ෂ 1860දී බුන්ක්‍යු පාලන සමයේදී වතුර මල උයනට එකතු වී
ඇත. වසර 150ක් පැරණි ස්වාභාවික වතුර මල අදටත් උයනට අසිරියක් වෙමින් ජල දහරා මවයි.
කෙන්රොකීන්
උද්‍යානයේ තිබුනත් තවත් බොහෝ දෑ නරඹන්නට විදගන්නට හරස් විය කාලය අපේ උයන් සැරියට.
වසන්තයේ දිනෙක යලිත් එන්නට අදිටනින් කෙන්රොකීන් උයනට සයොනාරා!
Dr Asela Perera
MBBS, MSc (Medical Admin)
Member of International Association of Ladakh Studies
ලංකාවේ සංචාරක පොස්ට් එක ඇර අනිත් පොස්ට් ඔක්කොම හිතට සහනයක් දෙන හැඟීම් ඇතිකරනවා. ලංකාවේ අපි හරි වෙනස් හින්දා වෙන්න ඇති කිසිම තැනක සුන්දරත්වය විඳින්න දන්නේ නැත්තේ. දිගටම ලියන්න අපි බලාගෙන ඉන්නවා.
ReplyDeleteඔබට බොහොම ස්තූතියි.
Delete