ගිම්හානයේදී
වජීමාවට වේලාසනින් අදුරවැටී කලින්ම හිරු උදාවේ. දැන් වෙලාව අළුයම පහයි.
ලැගුම්කුටියේ කවුළුවෙන් නෙත්මානයේ ගැටෙන උදා හිරුඑලියෙන් නැහැවෙන වජීමා නගරය නෙතට
සුන්දර දසුනකි. මගේ ලැගුම් කුටිය පිහිටියේ මහල් හයකින් යුත් වජීමා රූට්ඉන් හෝටලයේ
පස්වන මහලේය. නගරය පුරාවට මෙම ගොඩනැගිල්ලට වඩා උස් ගොඩනැගිලි ඇත්තේ එකක් හෝ දෙකක් පමණි. කළු හෝ දුඹුරු ලැකර් ආලේපිත ගොඩනැගිලි
පියසි එක පොදියට ඇස් මානයේය. නගර මායිමේ නිල්ලපිරුණු කදුවලල්ලයි. වීදියේ ඉදහිට ධාවනය
වන මෝටර් රථයක් හැරුණුකොට පාපැදිකරුවන් ඉදහිට ගමන්කරණු දැකියහැක. අසායිචි පොළ
පටන්ගැනීමට පෙර නගරයේ මදක් ඇවිදින සිත් පහළ විණි.
වෙරළ
අද්දර පිහිටි හෝටලයේ සිට එළියට පැමිණි විට ජපන් මුහුදේ රළපෙල වෙනදාට වඩා රළු
ස්වභාවයක් ගෙන ඇති සෙයක් දැනිනි. ජපන් මුහුදේ සිට හමා එන මාරුතය ගමනට බාධා කරමින්
මා විසිකර දමන්නට තැත් කරයි. ධීවර වරාය දෙසින් ‘චකාස්... චකාස්...’ හඩ නොනවත්වාම
ගිගුම් දේ. ඒ නැංගුරම් ලාඇති බහුදින ධීවර යාත්‍රා හා ට්‍රෝලර් යාත්‍රා මාරුතයට රළු
වී ඇති මුහුදු රළ හා පොරබදන හඩය. දින කීපයක සිට රූපවාහිනියෙන් සහ අනෙකුත් මාධ්‍ය
මගින් නිරන්තරයෙන් වාර්තාකල ටයිෆූන් කුනාටුව සිහියට නැගින. පා ගමනින් හෝ
පාපැදිවලින් සැරිසරන කිසිවකුත් නගරයේ නොමැතිබව වැටහුණු මා හනිකට නැවතත් හෝටලයට
ගමන් කලෙමි. ටෝකියෝවට උතුරු දෙසින් ඇතුළු වුණු කුණාටුව හොන්ෂු දිවයින හරහා ගමන්කර
අද දින ජපන් මුහුදට පිටවී යනබව රූපවාහිනියේ නිරන්තර කාලගුණ වාර්තා සැලකර සිටී.
නමුත් වජීමා නගරයට ඉන් ආපදා තත්වයක් ඇතිනොවන බව සැලවීම හිතට සැනසිල්ලක්ම විය.
උදේ
හත පමණ වනවිට සුළගේ ප්‍රචන්ඩත්වය ක්‍රමයෙන් පහව යන්නට විය. අසායිචි පොළ සුපුරුදු
පරිදි පැවැත්වෙන බව හෝටලයේ කාර්ය මණ්ඩලය තහවුරු කලෝය. මා එහි යනවිටද පොළ පටන්ගෙනය.
වසර සිය ගනනක ඉතිහාසයක් ඇති අසායිචී පොළ අපගේ සතිපොළකට බොහෝ සමානය. මසකට දෙවරක්
පොල පැවැත්වෙයි. වීදියේ දෙපස තාවකාලික වෙළදකුටි, තට්ටු, බක්කි පමනක්නොව ඇතැමුන් බිම
ඉටිකොල මතද වෙළදාමේ යෙදෙති. බොහෝමයක් වෙළදකුටි වෙන්ව ඇත්තේ අමු මාළු සහ වියළි කරවල
අලෙවියටය. අමු මාළු සුද්දකර කපා සකසා රිජිෆෝම් බදුන්වල අසුරා පොලිතීන් වලින් ආවරණය
කර ඇත. කරවල පැකට්කර මෙන්ම විවෘත්තවද අලෙවියට තබා ඇත. නමුත් මැස්සෝ නැත.
ඇතැම්
තැනක වෙළෙන්දියන් සතුව අලෙවියට ඇත්තේකුඩා කැරට් මිටි කීපයක්, ගෝවා ගෙඩි කීපයක් හෝ
සලාද මිටි කීපයකි. මේවා සියල්ල සිය ගෙවත්තේම නිෂ්පාදන වේ.
අත්කම්
ගෙත්තම් සහ සිහිවටන අලෙවිසල් රැසකි. මේ අතර කාගෙත් අවදානය යොමුවන්නේ වජීමා ඉමහත්
ප්‍රසිද්ධියක් උසුලන ලැකර් වලින් චිත්‍රනයකල පෝසිලේන් නිෂ්පාදන කෙරෙහිය. නොයෙක්
පරිමානයේ මල් බදුන්, කෝප්ප, පීරිසි, පිගන් ආදියේ අලංකාර සිතුවම් චිත්‍රනය කර ඇත.
වජීමා සිහිවටනයක් ලෙස මාද මල්බදුන් දෙකක් මිලයට ගතිමි. නොයෙක් රසකැවිලි
අලෙවිසල්වලද අඩුවක් නොමැත. මුළු පොලේම කඩපිල් දෙසීයක් පමණ ඇත.
අපේ
පොළවල්වල මෙන් අසායිචි පොළේ බඩු විකුණන්න වෙළදුන්ගේ කෑගැසීමක් හෝ බඩු ගන්න
පොරකෑමක්, හෙට්ටු කිරීමක් නැත. පොළ බොහෝ සාමකාමීය. නිශ්ෂබ්දය. බොහෝ වෙළෙන්දියන්
වයස අවුරුදු අසූව ඉක්මවූ කාන්තාවන්ය. මහළු වජීමාවේ කොයින්ද තරුණ වෙළෙන්දියො. නමුත්
මට තේරුම්ගැනීමට නොහැක්කේ අසායිචී පොළේ වෙළෙන්දියන් පමණක් සිටීමය. කෝ එතකොට
වෙළෙන්දො? මේ’ උභතෝ කෝටිකය මා විසදා ගත්තේ අරකි සාං ගෙනි.
“
ධීවරයින්ගෙ, ගොවියන්ගෙ හෝ අත්කම් නිපැයුම් කරුවන්ගෙ බිරින්දෑවරු තමයි පොළේ වෙළදාමට
එන්නෙ. එතකොට ඒ අයගෙ නිෂ්පාදන කටයුතු වලට බාධාවකද් වෙන්නෙ නෑනෙ.” ඇය මට පහදා
දුන්නාය. ජපානයේ ජීවන වියදම ඉතා අධිකය. මේ නිසා තරුණ මහළු කොයි කවුරුත් කුමක් හෝ
ආදායම් මාර්ගයක නිරත විය යුතුය. දිනක් හෝ ඉන් ඉවත්වීම ආදායමට තදින්ම බලපානු ලැබේ.
ජපන්
ජාතිකයින් බොහෝ කුලෑටි ජාතියකි. අමුත්තන් සමග හාද වනවා ඉතා අඩුය. නමුත් අප් නඩේ
සමග ඉක්මනින්ම කුළුපග වූහ. අපි ඒහැටි බඩු නොගත්තත් සමරු ඡායාරූපනම් බොහෝ ගත්තෙමු.
Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association of Ladakh Studies
Dr Asela Perera
MBBS, MSc(Medical Admin)
Member of International Association of Ladakh Studies
No comments:
Post a Comment