කනසාවා
සිට වජීමා දක්වා දිර්‍ඝ ගමනකින් සහ ක්‍ෙෂ්ත්‍ර
අධ්‍යන
වැඩසටහන් කිපයකට පසු අඳුර වැටෙන ජාමයේ අප වඡිමා
රූට් ඉන් හේටලය වෙත පැමිනෙමින් සිටියෙමු. නගරය පාළු ස්වභාවයක් උසුලයි. ඉදහිට ගමන් ගන්නා වාහනයක් හමුවේ. නමුත් මුළු
නගරයම විදුලි පහනින් ඵ්කාලෝක වි ඇත.
‘‘හේටලයට ගිය පසු උණු වතුරෙන්
නා ගත්තම වෙහෙස නිවෙනව. රාත්‍රී ආහාරයන් පසු නගරයේ මදක් ඇවිදිමට යායුතුයි’’ මා
සිතමින් පැමිනියෙමි.
“ අද රාත්‍රි අටට වජීමා සංස්කෘතික කේන්ද්‍රයේදී ගොජින්ජෝ බෙරවාදන සංදර්ශනයක්
පැවැත්වෙනව. මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. බලන්න කැමති අය රාත්‍රී හතයි තිහට ලොබි
එකට එන්න.” වෙදා සං කටහඩ අවදිකලේ අප බසයෙන් බැසීමට සූදානම්වන විටය.
හනිකට හෝටල් කාමරයට ගොස් ඇගපත සෝදාගෙන හරියටම හතයි තිහට ලොබියට පැමිණියෙමි. මොකද ජපනාට හතයි තිහනම් හතයි තිහ මිස තිස්පහ නොවේ.
හනිකට හෝටල් කාමරයට ගොස් ඇගපත සෝදාගෙන හරියටම හතයි තිහට ලොබියට පැමිණියෙමි. මොකද ජපනාට හතයි තිහනම් හතයි තිහ මිස තිස්පහ නොවේ.
කණ්ඩායමේ කීපදෙනකු ගොජින්ජෝ දයිකෝ නැරඹීමට එක්රැස්වී සිටියහ. අප රැගත්
බසය පාළු වීදි ඔස්සේ නගර මධ්‍යයේ පිහිටා ඇති වජීමා සංස්කෘතික කේන්ද්‍රයට පැමිණුනි.
දැවමුවා පැරණි ගොඩනැගිල්ලේ රංග ශාලාව පිහිටා ඇත්තේ ඉහළ මාලයේය. කුඩා රංග ශාලාවේ
කෙළවර වේදිකාව පිහිටා ඇත. ශාලාවේ අසුන් ගැනීමට ආසන පනවා නොමැත. සියයකට පමණ ශාලාවේ
ඉඩපහසුකම් ඇත. අප එහි යන විට සිටියේ ජපනුන් කීපදෙනකු පමණි. අපද ඉදිරිපසින්ම බිම
අසුන් ගතිමු.මදකින් මුළු ශාලාවම වජීමා වැසියන්ගෙන් පිරී යන්නට විය. තරුණ මහළු කොයි
කවුරුත් ඒ අතර විය. අප පිටුපසින් ශාලාව පිරෙන තුරු අපට නොදැනුනේ සියල්ල සිදුවන්නේ
ඉතාම නිහඩව නිසාය. කවුරු කවුරුත් නිශ්ශබ්දව පැමිණ බිම අසුන්ගෙන සංදර්ශනය අරඹන තෙක්
නිසොල්මනේ සිටිති. කෑ කෝ ගැසීම් උසුළු විසුළු නොමැත.
හරියටම රාත්‍රී අටට වේදිකාවට පැමිණි මැදිවිය ඉක්මවු ජපන් කතක් පැමිණ
සිටියවුන් පිළිගෙන සංදර්ශණ කණ්ඩායමේ නායකයාට ගොජින්ජෝ දයිකෝ ගැන කෙටි හැදින්වීමක්
කිරීමට ආරාධනා කලාය. උස හැඩිදැඩි මනා සිරුරින් යුත් රංගවේදියා ප්‍රේක්ෂකයින්ට
ගොජින්ජො දයිකෝ ගැන පූර්විකාවක් ඉදිරිපත් කරයි. සියල්ල සිදුවනුයේ ජපන් බසිනි. මොකද්ද
මේ ගොජින්ජෝ දයිකෝ කියන්නෙ?
1576දී කෙන්ෂින් උෂුගි සෙනවියා සිය හේවායින් සමග වජීමා හී නෙෆූන් ග්‍රාමය
අසල කදවුරු බදින්නේ පසුදින අළුයම ප්‍රදේශය ආක්‍රමනය කරන අටියෙනි. දුප්පත් අහිංසක
නෙෆූන් ගැමියනට ආක්‍රමණිකයාට මුහුණ දීමට කිසිදු අවි ආයුධයක් නොතිබුණි. රෑ මැදියම
උසුගි සෙනවියාගේ හේවායින් සංත්‍රාසයට පත්කරමින් කදවුර වටා මහා භයන්කර හඩක්
නැගෙන්නට විය. ක්‍රමයෙන් අදුර අතරින් යක්ෂ මුහුණින්, දිග කෙහෙරැළි වලින් සහ විකාර
ඇදුමින් යුත් හැඩි දැඩි යක්ෂයින් පිරසක් භයන්කර බෙර හඩත් සමග කදවුර තුල හොල්මන්
කරන්නට විය. ක්‍රමයෙන් බෙරහඩේ රණකාමීත්වය වැඩිවන අතරේ හේවායින් යක්ෂ ප්‍රහාරයකට
ගොදුරු වූහ. සියල්ලෝම හිස් ලූ ලූ අත දුවන්නට වූ අතර කදවුර යක්ෂයින් අතට පත්විය.
එදා නෙෆූන් වැසියන් සිය ගම්මානය ආක්‍රමිණිකයාගෙන් බේරා ගැනීමට භාවිතා
කල උපක්‍රමය ප්‍රදේශයට ආවේණික ගැමි සංස්කෘතික අංගයක් බවට පත්විය. අද නෙෆූන් ග්‍රාමයේ
වාසය කරනුයේ දෙසිය පනහක පමණ පිරිසකි. ගොජින්ජෝ දයිකෝ බෙර වාදනය පුහුණු වීමට සහ
සංදර්ශන පැවැත්වීමට අවසර ඇත්තේ මෙම නෙෆූන් වැසියනට පමණි. අප්‍රේල් අග සිට
නොවැම්බර් අග දක්වා සෑම රාත්‍රීයකම නෙෆූන් හී ගොජින්ජෝ බෙරවාද්‍ය රංගන ශිල්පීන්
සිය රංගනය නොමිලයේ මෙම ‘ෆූරාටෝ හොමූ’ සංස්කෘතික කේන්ද්‍රයේදී ප්‍රදර්ශනය කරයි.
දැන් සංදර්ශනය ඇරඹීමට සියල්ල සූදානම්ය. තිරය විවරවේ. වේදිකාව මධ්‍යයේ
විශාල බෙරයකි. ආලෝක කදම්භය යොමුව ඇත්තේ
බෙරයට පමණි. අදුරු වේදිකාව මන්දාලෝකනය වෙද්දී විශාල ගර්ජනාවක් සමග සමග රංගන
ශිල්පීන් දෙදනකු වේදිකාවට කඩාපනී. බෙරය වයන අතර දෙදෙනාම මාරුවෙන් මාරුවට රංගනයේ
යෙදේ. බෙරය වැයීම සදහා දෙඅතේ කුඩා යෂ්ඨි දෙකකි. කුංෆූ සටන් කලාවේ වදුරු ආර, සර්ප
ආර, කොටි ආර වැනි සටන් ශිල්ප මෙන්ම අපගේ උඩරට පහත රට නැටුම් කලාවේ පිමි කස්තිරම්
ආදී රංග වින්න්‍යාශයන්ගෙන්ද රංගනය අනූනය. ටික වේලාවකින් වෙනත් රංගන ශිල්පීන්
දෙදනකු ඔවුන්ගේ තැන ගන්නා ලදී. ක්‍රමයෙන් බෙරවාදනය තීව්‍ර වූ අතර රංගනයේ
රණකාමීත්වය සහ ජවය තව තවත් වැඩිවන්නට විය. ප්‍රේක්ෂකයින් තූශ්නිම්භූතව ගොසිනි. මා
සියොලගද භීතියෙන් ඇළලී යන්නට විය. එදා කදවුරේ අදුරේ සිටි උසුගිගේ හේවායින් මේ
තත්වයට මුහුණ දෙනවිට කෙතරම් බියවන්නට ඇත්දැයි සිතාගත හැක. පංචශිල්පීන්ගේ ඒකාබද්ධ
රංගනය සහ බෙරවාදනය සංදර්ශනයේ උච්ඡතම අවස්ථාව ඊළගට උදාවිය. පස්දෙනම එකසේ උස හැඩි දැඩි ජව සම්පන්න
තරුණයින්ය. යක්ෂ වෙස් මුහුණු, යක්ෂ හිසකේ සහ උඩුකය නිරාවරන ඇදුම රංගනයට කදිමට
ගැලපේ. එමගින් රංගනයේ ජවය සහ රණකාමීත්වය මනාව ඉස්මතුවේ. මුඛයෙන් කෙරෙන රුදුරු
ඝර්ජනාවත් ඒ පරයා නැගෙන බෙර හඩත් නිසා ශාලාව ගිගුම් දේ. පැයකට ආසන්නව පැවති
සංදර්ශණය සියළු ප්‍රේක්ෂකයින්ගේ නෙත් සිත් එකසේ ග්‍රහනය කලබව අවසන නැගුණු අත්පොලසන
සාක්ෂියකි.
සංදර්ෂණය අවසන ප්‍රේක්ෂකයින් රංගන ශිල්පීන්ට සුභපතා ආචාර කරයි. එවුන්
ලබන එකම ප්‍රතිලාභය එපමනකි. බස නොදත් නිසා දෙබස් නැතිද අංගචලනයෙන් අපද අපගේ සතුට
ප්‍රකාශ කලෙමු. එවුන් සමග අප නඩේ පිරිස එකට සිට ගත් ඡායාරූප සදා අමරණීය
සිහිවටනයෝය.
නැවත හෝටලයට එන අතරතුර පැරණි වීදි ලාම්පුවලින් ආලෝකමත් වීදියක් අසල
බසය මදකට නතර කල වෙදා සං “ හෙට උදේ අටට මේ වීදියේදී දැනට ජපානයේ ඉතිරිව ඇති පොළවල්
කීපයෙන් එකක් වන ‘වජීමා අසයිජී’ නම් මාර්කට් එක පටන්ගන්නව. කැමති අය ඇවිත්
බලන්න.” ඉතිං නෑවිත් කොහොමද?
Dr Asela Perera
MBBS(Kelaniya), MSc(Colombo)
Member of International Association of Ladakh Studies
No comments:
Post a Comment