Thursday, November 30, 2017

රෑ දොලහට බර්ලිනයට

බෙඩ්ලිවෝ සමුළුව අවසන පිරිස විසිර යන්නටවිය. ටිබෙට් මිතුරා ලොබ්සාංග්  අදදින පොස්නාන් හී ගතකර පසුදින වොර්සොව් බලායාමට නියමිත විය. බර්ලිනයට පය ගහන්න තියෙන ආශාවත් දුර ගමනක් ජර්මන් දුම්රියකින් යන්න තිබුන බලාපොරොත්තුවත් යන දෙකම සඵල කරගන්න මා ආපසු ෆ්‍රැරැන්ෆර්ට් යන ගමන බර්ලිනය හරහා සැලසුම් කරගෙනයි තිබුනෙ. පොස්නාන් සිට බර්ලින් බලා යාමට නියමිත පොල්ස්කි බස් සමාගමේ සුඛෝපභෝගී බසය ඩොර්සෙක් බස්නැවතුමට රත්‍රී හතයි පහට සේන්දුවුනා. 
වොංග්චුක් ලාමාත් ලඩාකීය මිතුරකු වුන ලොබ්සාංග් ඇතුළු තවත් ලඩාකීය තරුණියන් තිදෙනකුත් මෙම බසයෙන්ම බර්ලින් යන්න නියමිත විය. බර්ලිනයෙන් ප්‍රංශයටත් එතනින් ස්විට්සර්ලන්තයටත් යන්න ඔවුන් සැලසුම් කර තිබුණි.

Tuesday, November 21, 2017

ගෝර්ටන් මාළිගය

හනුමා ලංකාව ගිනි තිබ්බේ රාමායනයෙ. ඒ ඵෙතිහාසික පුරා වෘත්තයක. නමුත් මෙදා ගෝර්ටන් මාළිගය ගිනි තිබ්බේ හැබෑවටම. වඳුරන් භාරතයේ දේවත්වයේ ලා සැලකේ. එනිසා කොපමණ හිරිහැර කරදර තිබුණත් වඳුරාට හිංසා පීඩා නොකෙරේ.
            ශිම්ලා හි මෝල් වීදියේ පෞරාණික චාරිකාව ඇරඹෙන්නේ ඕපාදූප තුඩුවේ Scandal Point සිටය. ගමන දෙපයින්ය. හෙරිටේජ් වෝක් කියන්නේ ඒ නිසාය. මුළු චාරිකා දුර කිලෝ මීටර 2.5 කි.සිහින් මීදුම අතරින් පහලින් ලෝවර් බසාර් වීදියේ කඩපෙල දිස්වේ. උදෑසන නිසා තවම කඩ සාප්පු විවෘත්තව නැත. පයිනස් තුරුහිස් අතරින් ඈත දුම්රියපලේ පුංචි කෝච්චිය කල්කා බලා ගමන් අරඹන්න ලකලෑස්තිවේ. මධ්‍යම තැපැල් හල, ශාන්ත ඇන්ඩෘ දේවස්ථානය, කලිබාරි දෙවොල සහ රේල්වේ ‍බ්‍රෝඩ් ගොඩනැගිල්ල ආදිය නරඹා අප ගෝර්ටන් මාළිගයට පැමිණියෙමු.
වීදිය දෙපස ඇති ගොතික් මාදිලියේ ගොඩනැගිලිත් සෞම්‍ය දේශගුණයත් ස්කොට්ලන්තයේ කදුකර කුඩා නගරයකට ඔබ රැගෙන යයි.     

Friday, September 29, 2017

මාතෝ ආරාමය

තික්සි ආරාමය නැරඹීමෙන් පසු අප නැවත ලෙහ් - මනාලි මාර්ගයට පිවිස ටිකදුරක් ඉදිරියට ගොස් දකුණු පසට ඇති පටු මාර්ග පිවිසුමේ නතරවුනෙමු. ස්ටක්නා හා මාතෝ ආරාමවලට මේ මග ඔස්සේ යාහැක. අද සීතල උදුවප් මහේ පැහැබර දිනයකි. අතදිගු මානයේ නිල් අහස්කුස පසුබිමේ කුඩා කදු ගැටයක් මුදුනේ විසල් ස්ටක්නා ආරාමය දිස්වේ. මාතෝආරාමයට මෙහිසිට කිලෝ මීටර ‍12ක පමණ දුරක් ඇත.
            පටු මග ඇරඹෙන තැන දෙපස කුඩා තේ කඩ දෙකකි. ලංකාවේදී ගිනි රස්නෙත් උදේ දහයට තේ ඵකක් බොන අපිට මෙවන් සීතලක උණු තේ ඵකක පහස නොලබා ඉදිරියට යන්න හිත නොදේ. පියා කඩයේ තේ සාදයි. වෙළදාම් කරයි. ඔහුගේ දාහතර වියැති පුතු කඩපලට වී ගණිත පාඩමේ යෙදේ. ලඩාකයේ කටුක දේශගුණය මධ්‍යයේද දරුවෝ සිය අධ්‍යාපන කටයුතු මැනවින් සිදු කරති. ඵ් අතර අපේ කට්ටිය පොඩි බඩගින්නට පියා සෑදූ උණු නූඩ්ල්ස් පිගන් දෙකක් හා අලපෙති පැකට් කීපයක්ම හිස්කලෝය.
            ස්ටක්නා යන්නේ තෙරුම ‘කොටි නාසය’ යන්නය. ඵ් ආරාමය පිහිටි කුඩා කදු ගැටය කොටියකුගේ නාසය හැඩය ගන්නා නිසාය. දාසය වන ශතවර්ශයේදී භූතාන ජාතික බෞද්ධ ලාමාවරයෙකු වූ චොස්ඡි ජිමියැංග් පල්කාර් තුමන් විසින් මෙහි ආරාමයක් ඉදිකරන ලදී. පසුකලෙක ඵය කොටි නාසය යන අරැත ඇති ස්ටක්නා ආරාමය ලෙස ප්‍රචලිත වන්නට විය. ඩ්‍රග්පා පාර්ශවයට අයත් ස්ටක්නා ගොම්පාවේ ලාමා වරැන් තිස් දෙනකු පමණ වැඩ වාසය කරති. ආරාමයේ ඩුකෑංග් විහාර කීපයක්ම ඇත.





Friday, September 1, 2017

යස ඉසුරින් පිරි හෙමිස් ගොම්පාව

ලෙහ් මනාලී මාර්ගයේ කාරු ආසන්නයේ දී ඉන්දු නදිය හරහා සංස්කාර් කඳු පංතිය වෙත දිවෙන මාර්ගයකි. මඟ දෙපස නිම්නයේ පොප්ලර් ගස් සෙවනේ සරුවට වැඩෙන බාර්ලී වගා බිම්ය. කඳු වැටියේ දඟර ගැසී ඉහළ නැගෙන මඟ ක්‍රමයෙන් හුදකලා පරිසරයකට පැමිණේ. දෙපස මුඩු භූමියේ ක්‍රෝටන් ලෙස හඳුන්වන ස්ථූපය. ඒවා ලුංග්තා කොඩිවැලින් සරසා ඇත.
            තැංග්තොංග් රශ්චන් Stangstong Raschen ලාමාතුමන් විසින් හෙම්ස් ආරාමය ඉදිකිරීම ඇරඹුවේ වර්ෂ 1630 දී ය. සෙන්ජි නැම්ගියාල් රාජානුග්‍රහය ඊට ලැබුණි.
            රථගාල පිහිටා ඇත්තේ ගොම්පාවේ පාමුලම බැවින් දෙපයට සැනසීමකි. රථයට ඉසිසඝුලන්නට ඉඩහල අප ඒ අසලම ඇති ගොම්පාවට අයත් භෝජනාගාරයට ගොඩවැදුනේ කුසට ඉස්පාසුවක් දෙන්නය. සියයට සියයක්ම නිර්මාංශ ආහාර පමණක්ම සපයන මෙම භෝජනාගාරය එතරම්ම හොඳ තත්ත්වයේ නොපැවතුන ද සාධාරණ මිලකට ආහාර වේලක් සපයා ගැනීමට නරකම නැත.
            අහරකිස නිමවා ප්‍රවේශ කවුළුවෙන් විදේශිකයන් සඳහා ඉන්දීය රුපියල් පනහක ප්‍රවේශ පත්‍රය බැගින් මිලයට ගෙන අත ඉක්මන් කළේ නරඹන්නට බොහෝ දෑ අති බැවිනි.
            ආරාමයේ පහළ සිට ඉහළට රතු සහ සුදු වර්ණාලේපිත සිව්මහල් , දෙමහල්, තෙමහල් ගොඩනැගිලි පෙළ වම්පසින් පිහිටි පියගැට පෙළින් සම්භන්ධ වී ඇත. ආරාමය පුරාම දක්නට ඇත්තේ ටිබෙට් ගෘහ නිර්මාණ ශෛලයයි.
            ප්‍රධාන විහාර ගොඩනැගිලි දෙක මධ්‍යයේ ඔපදැමූ කළුගල් ඇතිරූ මැද මිදුලයි. එය විවිධ උත්සව සහ පූජා අවස්ථාවන් හි දී ලාමාවරුන් රැස්වීම සඳහා භාවිතා වේ. මධ්‍යයේ ඇති කොඩිගස ලුංග්තා කොඩිවැලින් සැරසී ඇත.


Tuesday, June 27, 2017

ඇම්චි වෙද දුරු

                ප්‍රකාශ් විසිඅට වියැති ප්‍රසන්න පෙනුමැති තරුණයෙකි. අපට හමුවූයේ කීලෝංග් ප්‍රධාන වීදිය ඔස්සේ පුරවර ගවේශණය උදෙසා සැරිසරන සැදෑවක දීය. කෞතුකාගාරය නගරයේ ප්‍රධානතම රාජ්‍ය ආයතනයකි. කෞතුකාගාරයට මදක් පහළින්, කීලෝංග් සමූපාකාර අලෙවිසැල ඉදිරිපිට වීදියේ කඩපෙලේ කෘෂි රසායන අලෙවි සැලකි. ප්‍රකාශ් එහි හිමිකරුය.
                අප අතර දැනහැඳුනුම්කම ඇතිවූයේ අප ඔහුගෙන් යම් ඉසව්වක් පිළිබඳ තොරතුරු විමසීමෙනි.
                ලොහෝල් වැසියන් ඉතාම කාරුණික නිර්ව්‍යාජ ජන කොටසකි. බෞද්ධ ආභාෂය ඊට බලපා ඇතුවාට නිසැකය. ඔවුන් මදක් කුලෑටිය. අමුත්තන් හා දොඩමළු වීමට පසුබාති. සන්නිවේදන මාධ්‍යත් ඊට එක් හේතුවකි.


Thursday, June 15, 2017

සුන්දර බෙඩ්ලිවෝ

ලඩාක්අධ්‍යනය සදහා වන ජාත්‍යන්තර සංගමයේ මහ සමුළුව මෙවර පැවැත් වීමට කටයුතු යොදා තිබුනේ පෝලන්තයේ බෙඩ්ලිවෝ ග්‍රාමයේය. සමුළුවට සහභාගිවීමට විවිධ රටවලින් පැමිණෙන අය එකතුපහදු වීමට නියමිතවූයේ පොස්නාන් නුවර ග්ලෙනෙරියෝ මධ්‍යම දුම්රියපොළ පරිශ්‍රයයි. පිරිස රැගත් විශේෂ බස්රථය සවස දෙකයි තිහට පොස්නාන් වලින් පිටත් වුණි. අඩහෝරාවකින් පමණ කිලෝ මීටර 22ක දුරගෙවා බසය බෙඩ්ලිවෝ ගම්මානයට ලගාවනවිට මද වැස්සක් වැටෙමින් තිබුණි.

Friday, June 2, 2017

දිල්ලියේ ෂහජාන්බාද් නරඹමු

ඉන්දියාවේ සංචාරය කරන බොහෝ ශ්‍රී ලිංකීකයින්ගේ සමීපතම නගර වන්නේ චෙන්නායි සහ දිල්ලියයි. ඉන්දියාවට පැමිනෙන බොහෝ විදේශික සංචාරකයින්ගේ කේන්ද්‍රස්ථානය වන්නේද දිල්ලියයි. විශේෂයෙන්ම සාප්පු සවාරි සදහා දිල්ලිය චිරප්‍රසිද්ධය. තවද නැරඹිය යුතු සංස්කෘතික, ඓතිහාසික හා සංචාරක ආකර්ශන ස්ථාන බොහෝමයකි. එවන් දිල්ලියේ වීදි අතර ජන දිවිය, කලාව, සංස්කෘතිය, වෙළද ලෝකය සහ ඉතිහාසය සොයමින් එහි රසය විදිමින් කරන සංචාරයන් අපූරුය. නැවුම්ය.
ඉන්දියාවේ පරිපාලන කේන්ද්‍රස්ථානය වන දිල්ලිය අයත් වනුයේ Indian National Territory යනුවෙන් හැදින්වෙන වෙනමම පරිපාලන ඒකකයකටය. දිල්ලිය ප්‍රධාන වශයෙන් නව දීල්ලිය හා පැරණි දිල්ලිය වශයෙන් කොටස් දෙකකින් යුක්තය. සුන්දර යමුනාවේ බටහිර ඉවුරේ ගොඩනැගීඇති දිල්ලිය වානිජ්‍ය හා දේශපාලන කේන්ද්‍රස්ථානයක් වශයෙන් දියුණුවීම පටන්ගන්නේ මෞගල් අධිරාජ්‍ය සමයේ සිටය. විශේෂයෙන්ම ෂා ජහන් රජු තම රාජ්‍යයේ අගනුවර අග්‍රා සිට දිල්ලියට මාරු කිරීමට උත්සහ ගත්බව පෙනේ. මෙම නගර දෙතම යමුනා නදී තෙර පිහිටීමම මෞගල්වරු සහ යමුනාව අතර සබදියාව මනාව පෙන්නුම් කරයි.