ගිම්හානයේදී
වජීමාවට වේලාසනින් අදුරවැටී කලින්ම හිරු උදාවේ. දැන් වෙලාව අළුයම පහයි.
ලැගුම්කුටියේ කවුළුවෙන් නෙත්මානයේ ගැටෙන උදා හිරුඑලියෙන් නැහැවෙන වජීමා නගරය නෙතට
සුන්දර දසුනකි. මගේ ලැගුම් කුටිය පිහිටියේ මහල් හයකින් යුත් වජීමා රූට්ඉන් හෝටලයේ
පස්වන මහලේය. නගරය පුරාවට මෙම ගොඩනැගිල්ලට වඩා උස් ගොඩනැගිලි ඇත්තේ එකක් හෝ දෙකක් පමණි. කළු හෝ දුඹුරු ලැකර් ආලේපිත ගොඩනැගිලි
පියසි එක පොදියට ඇස් මානයේය. නගර මායිමේ නිල්ලපිරුණු කදුවලල්ලයි. වීදියේ ඉදහිට ධාවනය
වන මෝටර් රථයක් හැරුණුකොට පාපැදිකරුවන් ඉදහිට ගමන්කරණු දැකියහැක. අසායිචි පොළ
පටන්ගැනීමට පෙර නගරයේ මදක් ඇවිදින සිත් පහළ විණි.
Wednesday, March 29, 2017
Friday, March 24, 2017
දෙයියන්ගෙ රටට
ලොහෝල්, හිමාචල් ප්‍රාන්ථයේ ලොහෝල් සහ ස්පීට් දිස්ත්‍රික්කයේ එක් පරිපාලන ප්‍රදේශයකි.
හිමාල කඳු පංතියට සමාන්තරව ඉන්දියාව ටිබෙට් සානුවෙන් වෙන්කරමින් පැතිර ඇති ලොහෝල්
හිමාලයේ ස්කොට්ලන්තය ලෙස බ්‍රිතාන්‍යන් හඳුන්වයි.
ටිබෙට් බසින් ලොහ්-යූල් Lho –Yul යන දකුණු දේශය යන අරුත ඇති වදනින් ලොහෝල් බිඳී
ආ බව එක් මතයකි. දෙයියන්ගෙ රට යන අරුත ඇති ලහ්හි-යූල් Lhahi-Yul යන වදන ලොහොල් වූ බව තව මතයකි. ලා La යන්න ටිබෙට් බසින් දුර්ගය යන අරුත ඇති බැවින්
ලා හෝල් යන්න දුර්ග රැසක් ඇති දේශය යන අරුත් දෙන බවට ද මතයකි. ලොහෝල් සංචාරය කළපසු
මගෙ හිත මට කීවේ මේ කොයි අරුතත් ඊට මනාව ඔබින බවයි.
Friday, March 17, 2017
කෙන්රොකීන් උද්‍යානය Kenrokuen Garden
කනසාවා
මාළිගයට දකුණු පසින මද බෑවුමකි. 1676දී පස්වන මෙයිඩා වංශික සුනනෝරී විසින්
රෙන්චියෝචින් ලැගුම්හල මාළිගාවට මුහුණලා මෙම බෑවුමේ ඉදිකරන්නට විය.ලැගුම්හල වටා
පිහිටි උයන රෙන්චිතෙයි ලෙස නම්කලේ සුනනෝරී විසින්මය.ජපානයේ ප්‍රසිද්ධම උද්‍යාන
තුනෙන් එකක් වන කෙන්රොකීන් උද්‍යානයේ මූලාරම්භය එයයි.
Friday, March 3, 2017
ගොජින්ජෝ දයිකෝ Gojinjo – daiko
කනසාවා
සිට වජීමා දක්වා දිර්‍ඝ ගමනකින් සහ ක්‍ෙෂ්ත්‍ර
අධ්‍යන
වැඩසටහන් කිපයකට පසු අඳුර වැටෙන ජාමයේ අප වඡිමා
රූට් ඉන් හේටලය වෙත පැමිනෙමින් සිටියෙමු. නගරය පාළු ස්වභාවයක් උසුලයි. ඉදහිට ගමන් ගන්නා වාහනයක් හමුවේ. නමුත් මුළු
නගරයම විදුලි පහනින් ඵ්කාලෝක වි ඇත.
‘‘හේටලයට ගිය පසු උණු වතුරෙන්
නා ගත්තම වෙහෙස නිවෙනව. රාත්‍රී ආහාරයන් පසු නගරයේ මදක් ඇවිදිමට යායුතුයි’’ මා
සිතමින් පැමිනියෙමි.
“ අද රාත්‍රි අටට වජීමා සංස්කෘතික කේන්ද්‍රයේදී ගොජින්ජෝ බෙරවාදන සංදර්ශනයක්
පැවැත්වෙනව. මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. බලන්න කැමති අය රාත්‍රී හතයි තිහට ලොබි
එකට එන්න.” වෙදා සං කටහඩ අවදිකලේ අප බසයෙන් බැසීමට සූදානම්වන විටය.
Monday, February 27, 2017
මහළු නගරය; වජීමා
ඉෂිකාවා
ප්‍රිෆෙක්චරයේ උතුරු මායිමේ ජපන් මුහුද වෙත නෙරා ගිය කුඩා අර්ධද්වීපයකි. කිලෝ මීටර
සියයක් පමන දිගැති මෙය නෝටෝ පෙනින්සියුලා ලෙස හදුන්වනු ලැබේ.
“අද
ඔබගේ අධ්‍යන කටයුතු කිරීමට නියමිතව ඇත්තේ වජීමා මිනුසිපල් රෝහලේදීයි. එහිදී ඔබට
ආපදා කලමණාකරනයේදී වජීමා මිනුසිපල් රෝහලේ අත්දැකීම් සහ සූදානම පිළිබද දැනුම බෙදා
හදා ගන්න නියමිතයි.” උදෑසනස බසයට ගොඩ වීමට පෙර දවසේ සැලසුම පිළිබද සිය කෙටි
පැහැදිලි කිරීම කරන වෙදා සං ජපන් බසින් පවසන දෑ ෆුජිමෝටෝ සං යුහුසුළුව ඉංග්‍රීසියට
පරිවර්තනය කරයි.
Wednesday, February 15, 2017
නුබ්රා ගීතය
නුබ්රා නිම්නයේ ප්‍රථම සේද මාවත
සැමරැම් උත්සවය පැවැත් වූයේ 2013 වසරේදීය. එතැන් පටන් සෑම වසරකම ජූනි මස 23 හා 24 දෙදින පුරා සුමූර් ග්‍රාමයේ වැලි කදු
ආශ්‍රිතව ඔටු උද්‍යානයේදී සේද මාවත සැමරේ. මා මිත්‍ර ආචාර්ය සොනාම් වොංග්චොක් මෙම
උත්සවය ඇරඹීමේ පුරොගාමියෙකි.වසර දෙදහසකට එපිට ඉතිහාසයක් ඇති සේද මාවත ඔස්සේ
ගොඩනැගුණු අද්විතීය සංස්කෘතික උරුමය සුරැකීමත්, එය ඉදිරි පරම්පරාවලට දායාද කිරීමත්
මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන අරමුණු බව
ඔහු පවසයි. නුබ්රා නිම්නයේ සාම්ප්‍රදායික නැටුම් ගැයුම් වැයුම් ජන ගායනා හා
දුනු විදීම නොහොත් ආචරි ක්‍රිඩාව ආදී අංග රාශියකින් උත්සවය විචිත්‍රවත්වේ. ප්‍රදේශයට
සංස්කෘතික සංචාරක ආකර්ශනය වැඩි කිරීමටද එමගින් ජනතාවගේ සමාජ ආර්ථික දියුණුවටද එය
පිටිවහලක් වන බව ආචාර්ය සොනාම්ගේ අදහසයි.
Friday, February 10, 2017
ලඩාක් පෝතල මාළිගය
ලෙහ්
මනාලි මාර්ගයේ කිලෝ මීටර් විස්සක් පමණ අප පැමිණ ඇත්තෙමු. ඉන්දු ගංගාව දකුණු පසින්
ගලා බසී. ගිම්හානයේ දී සැඩ ජල කඳ බොරපැහැයට ගලාගියා මතකය. මේ සිසිරයේ ගඟ දෑල හිම
තැන්පත් වී ධවල බැමි දෙකක් බැඳ ඇතුවා සේය. මැදින් නිලට නිලේ ගලා බසින ජලයේ හිම
කැටිති පාවනෙ හැටි බලන්නට ලස්සනය. වම් පසින් හිස් භූමිය කෙළවර වන්නේ ලඩාක් කඳු
පන්තියෙනි. එහි කඳු මුදුන්හි එක යායකට ඇති ග්ලැසියර් හිරුරැස් වැටී සුදෝ සුදු
වර්ණයෙන් බැබළේ. ලඩාක් කඳු පන්තිය ඉදිරියෙන් කුඩා කඳු ගැටයකි. එහි පාමුල සිට මුදුන
දක්වා පැතිරුණ ලොකු කුඩා ධවල මන්දිර අතර රතු සහ කහ පැහැ ප්‍රාසාදයන්ය. මෙය දකින
කෙනෙකු, තමුන් සිටිනුයේ ලාසාවේ යයි නිසැකවම සිතනු ඇත. අප ප්‍රධාන මාර්ගයෙන් හැරී
තික්සි ග්‍රාමය ඔස්සේ වැටී ඇති මඟ ඔස්සේ ගමන් කරනුයේ පෝතල මාළිඟය දෙසටය. ලාංකික
බෞද්ධයන්ට දළඳා මාළගාව මෙන් වජ්‍රයාන
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ටිබෙටයේ ලාසාහි
පෝතල මාළිඟයයි. එය දලයි ලාමාතුමාගේ වාසස්ථානය ද විය. ඒ හා සමාන ආරාමයක් ලඩාකයේ
ඉදිකිරීමට ලඩාක් බෞද්ධයන්ට අවශ්‍ය විය. ඒ අනුව ගෙලුග්පා පාර්ශ්වයේ ආරාමයක් ලෙස
තික්සි ආරාමය ඉදිකිරීම ඇරඹුයේ පහළොස්වන ශතවර්ෂයේදී පමණය. ආරාමයේ මූලික වාස්තු විද්‍ය
සැලැස්ම පෝතල මාළිඟයට බොහෝ සමානය.
Subscribe to:
Posts (Atom)
