Saturday, April 22, 2017

කනසාවා ජේ ආර් දුම්රියපොළ

කනසාවා වැසියන්ගේ සෞන්දර්යාත්මක චින්තනය කනසාවා දුම්රිය ස්ථානයෙන් පවා පිළිබිඹුවේ. එය නගරයේ සුවිශේෂී මංසලකුණකි. වානේ ආකෘතියක් සහ මුළුමනින්ම වීදුරු ආවරනයක් සහිත ගෝලාකාර විශාල කනසාවා ජේ ආර් (japanse railway) දුම්රිය ස්ථානය දුර සිට බලන්නෙකුට පෙනෙනුයේ කුරුළු කැදැල්ලක් ලෙසය. දුම්රිය ස්ථානය කනසාවා වැසින් හදුන්චනු ලබන්නේ “මොටෙනාෂී ගෝලය” (motenashi dome) ලෙසය.


Wednesday, April 12, 2017

අහස් ගව්වෙන් නුබ්රා නිම්නයට

දෙසැම්බර් 21වන දින අඵත් අවුරුදු උත්සවයත් නුබ්රාවල පැවැත්වෙන බව සොනාම්  ලේ ඊමෙල් පණිවිඩයක් එවා තිබුණි. ගුවන් ගමන් කාල  සටහන  අනුව අප ලෙහ් වෙත ලගා වීමට නියමිතව තිබුනේ දෙසැම්බර් 20දා උදෑසනය.
ලඩාකයේ අඵත් අවුරුද්ද හදුන්වනුයේ  ලොසාර්  Losar  උත්සවය  ලෙසය. මේවන විට අනෙක් සියඵ ප්‍රදේශවල  අවුරුදු සැණකෙළි අවසන්ය. ටිබෙට් දින දර්ශනයේ දසවන මාසයේ 25 වන දින ලොසාර් උත්සවය ඇරඹේ. එදින ටිබෙට් බුදුදහමේ ගෙලුග්පා පාර්ශ්වයේ නිර්මාතෘ සොන්ග්කාපා Tsongkhapa  තුමාගේ ඡන්ම දිනයයි. නමුත් ලඩාකයේ ලොසාර් උත්සවය ඇරඹෙනුයේ  ටිබෙට් දින දර්ශනයේ එකොළොස්වන මස පළමුවන දාය.

Friday, April 7, 2017

හදිම්බා දෙවොල

මනාලී නගරයේ සිට කිලෝ මීටර දෙකක් පමණ පටු මාවත් ඔස්සේ කන්ද දෙසට රථාචාරී රථය මෙහෙයවයි. පාර දෙපසම ගේ දොරය. යමක් කමක් ඇත්තවුන්ගේ බව පෙනේ. පරිසරකාමින්ට සහ කාලය ඇත්තන්ට නගරයේ සිට කෙටි පියමඟක් ඔස්සේ පැමිණීමට ද අවකාශ ඇත. ඒ, අවට සිරි නරඹන ගමන්මය.
                රථය දැන් රථ ගාලයේ. මෙතැන් සිට සැරිය දෙපයින් ය. නිල් අහස් කුස සුදු පුළුන් වලා අතරින් පතිතවන උදා හිරු එළිය හිමාල දේශයට තවත් සුන්දර දවසක් කැන්දා එන සලකුණු ය. හිරු කිරණ හමුවේ පසුබා පලායන සීතල, සෞම්‍ය දිනයක ට අත වනයි. මේ සුන්දර දිනයේ අප පැමිණ සිටිනුයේ මනාලී හී වඩාත් ම සංචාරක ආකර්ශණය ලබා ඇති හදිම්බා දේවී දෙවොල නැරඹීමට ය.



Wednesday, March 29, 2017

අසායිචී උදේ පොළ

ගිම්හානයේදී වජීමාවට වේලාසනින් අදුරවැටී කලින්ම හිරු උදාවේ. දැන් වෙලාව අළුයම පහයි. ලැගුම්කුටියේ කවුළුවෙන් නෙත්මානයේ ගැටෙන උදා හිරුඑලියෙන් නැහැවෙන වජීමා නගරය නෙතට සුන්දර දසුනකි. මගේ ලැගුම් කුටිය පිහිටියේ මහල් හයකින් යුත් වජීමා රූට්ඉන් හෝටලයේ පස්වන මහලේය. නගරය පුරාවට මෙම ගොඩනැගිල්ලට වඩා උස් ගොඩනැගිලි ඇත්තේ එකක් හෝ දෙකක්  පමණි. කළු හෝ දුඹුරු ලැකර් ආලේපිත ගොඩනැගිලි පියසි එක පොදියට ඇස් මානයේය. නගර මායිමේ නිල්ලපිරුණු කදුවලල්ලයි. වීදියේ ඉදහිට ධාවනය වන මෝටර් රථයක් හැරුණුකොට පාපැදිකරුවන් ඉදහිට ගමන්කරණු දැකියහැක. අසායිචි පොළ පටන්ගැනීමට පෙර නගරයේ මදක් ඇවිදින සිත් පහළ විණි.



Friday, March 24, 2017

දෙයියන්ගෙ රටට

ලොහෝල්, හිමාචල් ප්‍රාන්ථයේ ලොහෝල් සහ ස්පීට් දිස්ත්‍රික්කයේ එක් පරිපාලන ප්‍රදේශයකි. හිමාල කඳු පංතියට සමාන්තරව ඉන්දියාව ටිබෙට් සානුවෙන් වෙන්කරමින් පැතිර ඇති ලොහෝල් හිමාලයේ ස්කොට්ලන්තය ලෙස බ්‍රිතාන්‍යන් හඳුන්වයි.
                ටිබෙට් බසින් ලොහ්-යූල් Lho –Yul යන දකුණු දේශය යන අරුත ඇති වදනින් ලොහෝල් බිඳී ආ බව එක් මතයකි. දෙයියන්ගෙ රට යන අරුත ඇති ලහ්හි-යූල් Lhahi-Yul යන වදන ලොහොල් වූ බව තව මතයකි. ලා La යන්න ටිබෙට් බසින් දුර්ගය යන අරුත ඇති බැවින් ලා හෝල් යන්න දුර්ග රැසක් ඇති දේශය යන අරුත් දෙන බවට ද මතයකි. ලොහෝල් සංචාරය කළපසු මගෙ හිත මට කීවේ මේ කොයි අරුතත් ඊට මනාව ඔබින බවයි.

Friday, March 17, 2017

කෙන්රොකීන් උද්‍යානය Kenrokuen Garden

කනසාවා මාළිගයට දකුණු පසින මද බෑවුමකි. 1676දී පස්වන මෙයිඩා වංශික සුනනෝරී විසින් රෙන්චියෝචින් ලැගුම්හල මාළිගාවට මුහුණලා මෙම බෑවුමේ ඉදිකරන්නට විය.ලැගුම්හල වටා පිහිටි උයන රෙන්චිත‍ෙයි ලෙස නම්කලේ සුනනෝරී විසින්මය.ජපානයේ ප්‍රසිද්ධම උද්‍යාන තුනෙන් එකක් වන කෙන්රොකීන් උද්‍යානයේ මූලාරම්භය එයයි.

Friday, March 3, 2017

ගොජින්ජෝ දයිකෝ Gojinjo – daiko

කනසාවා සිට වජීමා දක්වා දිර්‍ඝ ගමනකින් සහ ක්‍ෙෂ්ත්‍ර අධ්‍යන වැඩසටහන් කිපයකට පසු අඳුර වැටෙන ජාමයේ  අප වඡිමා රූට් ඉන් හේටලය වෙත පැමිනෙමින් සිටියෙමු. නගරය පාළු ස්වභාවයක් උසුලයි.  ඉදහිට ගමන් ගන්නා වාහනයක් හමුවේ. නමුත් මුළු නගරයම විදුලි පහනින් ඵ්කාලෝක වි ඇත.
 ‘‘හේටලයට ගිය පසු උණු වතුරෙන් නා ගත්තම වෙහෙස නිවෙනව. රාත්‍රී ආහාරයන් පසු නගරයේ මදක් ඇවිදිමට යායුතුයි’’ මා සිතමින් පැමිනියෙමි.
“ අද රාත්‍රි අටට වජීමා සංස්කෘතික කේන්ද්‍රයේදී ගොජින්ජෝ බෙරවාදන සංදර්ශනයක් පැවැත්වෙනව. මේක ඉතාම දුර්ලභ අවස්ථාවක්. බලන්න කැමති අය රාත්‍රී හතයි තිහට ලොබි එකට එන්න.” වෙදා සං කටහඩ අවදිකලේ අප බසයෙන් බැසීමට සූදානම්වන විටය.